Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වයස 18 න් පහළ රග්බි තේරීම් හෙට

වයස 18 න් පහළ රග්බි තේරීම් හෙට

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාහමාස්හිදී ලබන ජූලි මස 16 වැනිදා ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා වයස 18 න් පහළ රග්බි සංචිතය තේරා ගැනීමේ පළමු තේරීම් පරීක්‍ෂණය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී හෙට (20) පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තේරීම් පරීක්‍ෂණයට 1999 සහ 2000 වසරවල උපන් ක්‍රීඩකයන්ට සහභාගි විය හැකිය.

තේරීම් පරීජෂණය අද පැවැත්වුණ ද 30 දෙනකුගෙන් යුත් සංචිතයක් මේ මස අවසන් වීමට පෙර ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ යුතුව තිබේ.

පාසල් රග්බි සංගමයේ පරිපාලනයේ පසුගිය කාලයේ පැවැති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් මෙම සංචිතයේ තේරීමේ කටයුතු මඟ හැර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

පාසල් රග්බි සංගමයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ වියදම් පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමය සමඟ ඇති වූ ගැටලුවක් හේතුවෙන් සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීම ප්‍රමාද වූ බවයි.

“මුලික වියදම් අපි දරන්න මේ වන විට එකඟ වෙලා තියෙනවා. ජාතික සංගමය සෙසු වියදම් දරයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ පාසල් සංගමය අනුග්‍රහකයා සොයා ගන්නා විට සංචාර සඳහා ද මුදල් ලබාදෙන බව පැවසූ බවයි.

“අපි මීට මාස කීපයකට පෙර මෙම සංචිතය සඳහා වැය වන මුදල් පිළිබඳව පාසල් සංගමය දැනුවත් කළා. නමුත් ඔවුන් කිසිම දෙයක් කළේ නෑ. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ” යැයි ජාතික සංගමයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

පාසල් සංගමය අද පස්වරුව වන විටත් පාසල් නිලධාරීන්ට දුරකථනය ඔස්සේ මෙම තේරීම් පරීක්‍ෂණයට ක්‍රීඩකයන් සහභාගි කරවන ලෙස දැනුම් දෙමින් සිටි බව වාර්තා වේ.   

 


අදහස් (0)

වයස 18 න් පහළ රග්බි තේරීම් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.