Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය රග්බි පිලට ‘කියා මෝටර්ස්’ අනුග්‍රහය

රාජකීය රග්බි පිලට ‘කියා මෝටර්ස්’ අනුග්‍රහය

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප්‍රබලතම පාසල් වන කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාවට හයවැනි වසරටත් අනුග්‍රහය ලබාදීමට ‘කියා මෝටර්ස්’ ඉදිරිපත්ව සිටියි. එම අනුග්‍රහය නිල වශයෙන් පිරිනැමීම පසුගියදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි තරගාවලිය ඉලක්ක කරමින් ‘කියා මෝටර්ස්’ මෙම අනුග්‍රහය පිරිනමයි. එම විදුහල් වයස 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන කණ්ඩායම්වලට එම සමාගම අනුග්‍රහ දක්වන අතර අනුග්‍රහය මුදල රුපියල් මිලියන 27 කි.

අනුග්‍රහ පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ කියා මෝටර් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මහේන් තම්බයියා මහතා පැවසුවේ රාජකීය විදුහල් රග්බි කණ්ඩායමට අනුග්‍රහය පිරිනැමීමෙන් තම සමාගම බලාපොරොත්තු වන සාර්ථකත්වය ලැබී ඇති බවත් මෙවර තරගාවලියේදී ද විනයානුකූල කණ්ඩායමක් හැටියට රාජකීය විදුහල් කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවත්ය.

රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා පැවසුවේ රග්බි ක්‍රීඩාවට විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බවත් ‘කියා මෝටර්’ අනුග්‍රහය තම විදුහලේ රග්බි ක්‍රීඩාවේ දියුණුවට වඩාත් වැඳගත්ව ඇති බවයි.


මෙවර වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේදී රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස ඔවින් ඇස්කි කටයුතු කරයි.

 

කියා මෝටර් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මහේන් තම්බයියා මහතා විසින් අනුග්‍රහක චෙක්පත රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න සහ රාජකීය විදුහල් රග්බි උපදේශක කමිටුවේ සභාපති රොහාන්ත පීරිස් යන මහත්වරුන්ට නිල වශයෙන් ප්‍රදානය කරන ලද අවස්ථාව. කියා මෝටර් ලංකා සමාගමේ සභාපති අජිත් ද එස්. ජයරත්න සහ කියා මෝටර් ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ සහ මෙහෙයුම් ප්‍රධානී ඇන්ඩෘ පෙරේරා යන මහත්වරු ද මෙහි සිටිති.  

 


අදහස් (0)

රාජකීය රග්බි පිලට ‘කියා මෝටර්ස්’ අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.