Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පරීක්ෂණ 2 ක් පැවැත්වෙනවා - රග්බි සභාපති

පරීක්ෂණ 2 ක් පැවැත්වෙනවා - රග්බි සභාපති

editorial - 2025 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මහනුවර - සී.එච්. රග්බි තරගය සමව අවසන් වීමෙන් අනතුරුව සිදුවූ ගැටුම්කාරී තත්වය සහ පහරදීම් සම්බන්ධයෙන් මෙන්ම තරගයේදී ප්‍රධාන විනිසුරුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වෙනවෙනම පරීක්ෂණ දෙකක් මේ වන පැවැත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 

එළබෙන සිකුරාදා (26 වැනිදා) එම පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය කරමින් අවසන් තීන්දු ගන්නා බවත්, එහිදී කිසිවෙක් වරදක් සිදුකර ඇති බවට ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති උක්ත තරගයේ අවසන් විනාඩිය දක්වාම මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 24-17 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර අවසන් විනාඩියේදී සී.එච්. කණ්ඩායමට පිට පිටම දඬුවම් පහර 4 ක් ලබා දීමෙන් අනතුරුව දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රධානය කිරීමට විනිසුරුවරයා පියවර ගැනීමත් සමග තරගය ලකුණු 24-24 ක් ලෙස සමව නිමාවිය. 

තරගය නිමවා ක්‍රීඩකයන් සහ විනිසුරුවන් පිටියෙන් ඉවතට පැමිණෙන විට ප්‍රේක්ෂකාගාරය අසලදී යම් නොසන්සුන් තත්වයක් ඇති වූ බව දක්නට ලැබුණු අතර එහිදී බහින්බස් වීමකින් අනතුරුව දෙපාර්ශවකරුවන් අතර ගැටුමක් හටගත් බවද දිස්විය. එම ගැටුමේදී විනිසුරුවන්ද පහර කෑමකට ලක්ව ඇතැයි පසුව වැඩිදුරටත් දැනගන්නට ලැබිණ. 


අදහස් (0)

පරීක්ෂණ 2 ක් පැවැත්වෙනවා - රග්බි සභාපති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.