Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ ඊයේ (29 වැනිදා) රාත්‍රි‍යේ පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 60-00 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 36-00 ක් ලෙස පෙරමුණ ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 24 ක් එක්කර ගත්හ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු රැස්කිරීමට කිසිදු ඉඩක් ලබා නොදීමටද නවසීලන්ත ක්‍රීඩිකාවෝ වග බලාගත්හ.

එහිදී නවසීලන්ත කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුම් 5 ක් සමගිනි. නවසීලන්තය වෙනුවෙන් මිචෙලා බ්ලයිඩ් උත්සාහක දිනුම් 6 ක්ද, ස්ටේසි ෆ්ලූලර් උත්සාහක දිනුම් 2 ක්ද, ජැස්මින් හෝතැම් සහ ටයිලා නේතන් වොං එක් උත්සාක දිනුම බැගින්ද ලබාගත්හ. එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන 5 ක් සාර්ථක කරගනු ලැබුවේ ටයිලා විසිනි.


අදහස් (0)

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.