Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් නව ක්‍රීඩා රෙගුලාසි පනවමින් මැයි 21 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය සමගින් ලබන මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කිරීමට සූදානම්ව සිටි ජාතික ක්‍රීඩා සංගම් කීපයක්ම ව්‍යාකූල තත්වයකට පත්ව තිබේ.
ඒ මැයි 21වැනිදායින් පසුව කැඳවෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ නව ක්‍රීඩා රෙගුලාසී සංශෝධනයට අනුකූළව පැවැත්විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශය නියම කර තිබීමයි.
කෙසේවූවත් මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් පෙන්වා දෙන්නේ බදාදා (21) ක්‍රීඩා ඇමැතිවරයා විසින් අනුමත කළ නව ක්‍රීඩා රෙගුලාසි වලට අනුව නිලවරණ කැඳවීමට සිදු වන්නේ නම් එම නිලවරණ අවම මාස හයකටවත් කල් දැමීමට සිදු වනු ඇති බවයි. එහිදී නාම යෝජනා ලැයිස්තු අවලංගු කරමින් නැවැත නව රෙගුලාසි අනුව නිලවරණය මුල පටන් කැදවීමට සිදුවීම වියදම් ඉහළ යන සංකීර්ණ ප්‍රශ්නාවලියක් ඇති කරවන්නක් වන බවත් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානිහූ පෙන්වා දෙති.
ඊට හොදම විකල්පයක් වන්නේ මැයි 21 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වන විටත් ප්‍රකාශයට පත් කර තිබූ නිලවරණ යොදා ගත් පරිදි පැවැත්වීමට ජාතික ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා ඇමැතිවරයා අනුමැතිය ලබාදීම බවත් එහිදී ඔවුන් වැඩිදුරටත් පවසති.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය, ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමොබයිල්) සංගමය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ආදී ජාතික ක්‍රීඩා සංගම් කීපයක නිලවරණ ලබන මැයි 31 වැනිදා වන විට පවත්වා අවසන් කිරීමට නියමිතය. කෙසේවූවවත් ඉහත සඳහන් ජාතික ක්‍රීඩා සංගම් යොදා ගත් පරිදි නිලවරණ එදිනට පෙර පවත්වා අවසන් කිරීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ. එහිදී වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග ගෙන එමින් අහෝසි කළ පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව එම නිලවරණ පැවැත්වීමට සිදුවීම එහි ඇති විශේෂත්වයයි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විධායක සභාව පත් කෙරෙන නිලවරණයක් කැදවෙන අවස්ථාවේදී ජාතික ක්‍රීඩා සංගම් කටයුතු කළ යුතු ආකාරය නව ගැසට් නිවේදනයේ දක්වා ඇතැයි පැවසීය.
2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග වශයෙන් හදුන්වන උක්ත ගැසට් නිවේදනයට අනුව එහි හය වැනි කොටසේ අන්තර් කාළීන විධිවිධාන යටතේ 15 වැනි වගන්තියෙන් එය දක්වා තිබේ.
සෑම ජාතික ක්‍රීඩා සංගමයක් හෝ සම්මේලනයක්ම මෙම ගැසට් පත්‍රය පළ කරන ලද දිනයේ සිට දින 90 ක කාල සීමාවක් ඇතුළත එහි විධි විධානයන්ට අනුකූළව නිලවරණ ක්‍රියාවලියක් මගින් සෑම නිලයක් සදහාම වන 2025 වසරට වන විධායක කමිටුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පත් කර ගත යුතු බව ඉහත වගන්තියෙන් දක්වා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.