Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිරීමට මහනුවර ධර්මරාජ විදුහල සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 24-12 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ධර්මරාජ ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ලකුණු පුවරුවට තවත් ලකුණු 21 ක් එක් කළහ. ඩී. එස්. සේනානායක විදුහල දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගැනීමට අපොහොසත් විය.
ධර්මරාජ විදුහල ගෝල දිනුම් 5 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස්කළ අතර ඩී. එස්. සේනානායක විදුහල ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.