Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දෙවැනි වටයට පෙර ජැෆ්නා චැලෙන්ජර්ස් ඉදිරියෙන්

දෙවැනි වටයට පෙර ජැෆ්නා චැලෙන්ජර්ස් ඉදිරියෙන්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර හෙට සහ අනිද්දා (2 සහ 3 දිනවල) නවීකරණය කරන ලද කොළඹ පැරණි තුරඟ පිටියේදී දිවා රාත‍්‍රි තරගාවලියක් ලෙස පැවැත්වේ. තරගාවලිය  හෙට මධ්‍යහ්න 12.00 ට ආරම්භ වන අතර පළමු දිනයේ තරග රාත‍්‍රි 9.00 දක්වා පැවැත්වේ.

කොළඹ පැරණි තුරඟ පිටිය රග්බි ක‍්‍රීඩාංණයක් ලෙස නවීකරණය කර විදුලි ආලෝක පද්ධතියක් සවිකර ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය. කෙසේ වෙතත් ක‍්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු නිසි වේලාවට සම්පූර්ණ කළ නොහැකි තත්ත්වයක් තුළ මෙම තරගාවලියේ දෙවැනි අදියර සී. ආර්. පිටියේ පැවැත්වීමේ සූදානමක් ද තිබුණි.

කණ්ඩායම් 10 ක් තරග කරන මෙම තරගාවලියේ පළමු අදියරේදී සජිත් සාරංග නායකයා ලෙස කටයුතු කරන ජැෆ්නා චැලෙන්ජර්ස් පිල ශූරතාව දිනාගත් අතර ගයාන් වීරරත්න මෙහෙයවන නෝර්ත් වෙස්ටන් බ්ලැක්ස් පිල අනු ශූරයන් බවට පත්විය.

මෙවර තරගාවලියේ පළමු අදියර පසුගිය සතියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. අදියර දෙකේම ලකුණු එකතුවෙන් සමස්ත ශූරතාව පිරිනැමේ.
මෙවර තරගාවලියට විදේශිය ක‍්‍රීඩකයෝ 50 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටිති. ඒ අතරට නවසීලන්ත ක‍්‍රීඩකයෝ 17 ක් සහ ෆීජි ක‍්‍රීඩකයෝ 14 ක්ද ඇතුළත්ව සිටිති.

ලෝක සත් සාමාජික රග්බි පිටියේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයෝ කීප දෙනෙක්ද තරගාවලියට සහභාගි වී සිටිති.

සටහන - යොහාන් භාසුර


අදහස් (0)

දෙවැනි වටයට පෙර ජැෆ්නා චැලෙන්ජර්ස් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.