Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරගයේදී ලකුණු 20-12 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 12-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක් කළහ. දෙවැනි අර්ධයේදී ලකුණු 12 ක් ලබාගැනීමට විද්‍යා විදුහල සමත් වුවත් තරගය ජය ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය.
සාන්ත තෝමස් විදුහල ගෝල දිනුමකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර විද්‍යා විදුහල ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.