Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පරදවති

ගුවන් හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පරදවති

editorial - 2026 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ 9 වැනි සතියේ තරගයක් ලෙස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර සෙනසුරාදා (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-18 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙවර තරගාවලියේදී ගුවන් හමුදාව ලැබූ සිවුවැනි ජය මෙන්ම ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලැබූ 6 වැනි පරාජයද මෙය විය. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ්. එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-08 ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩකයෝ පෙරමුණේ පසුවූහ. එහිදී ඔවුන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 22 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, ගුවන් හමුදා ක්‍රීඩකයන්ට උත්සාහක දිනුම් 2 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් විට ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 39-18 ක පහසු ජයක් ලැබූහ. 

 


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.