Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවට 32-29 ක තියුණු ජයක්

ගුවන් හමුදාවට 32-29 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග් කුසලාන’ රග්බි තරගාවලියේ අද (10 වැනිදා) පැවැති තරගයකදී ගුවන් හමුදා පිල විසින් යුද හමුදා පිල ලකුණු 32-29 ක් ලෙසින් පරාජය කරන ලදි.

රත්මලානේදී පැවැති මෙම තරගයේදී ගුවන් හමුදා පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත්තේය. යුද හමුදා පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.

විවේක කාලයේදී ගුවන් හමුදා පිල ලකුණු 24 - 15 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද තරගය අවසන් වන විට දෙපිල අතර පරතරය වූයේ දඬුවම් පහරකි.  

තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ ගයන්ත ඉද්දමල්ගොඩ තෝරා ගැනිණ.

 

- 077

 


අදහස් (0)

ගුවන් හමුදාවට 32-29 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.