Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වෙස්ලි විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර මහනුවර බෝගම්බර පිටියේදී අද (22 වැනිදා) පැවැති රග්බි තරගයේදී ලකුණු 39-40 ක තියුණු ජයක් වාර්තා කිරීමට කිංග්ස්වුඞ් විදුහල සමත් වූයේය. තරගයේ පළමු අර්ධය නිමා වන විට කිංග්ස්වුඞ් විදුහල ලකුණු 18-11 කින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී සාර්ථක සටනක් දුන් වෙස්ලි ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් පිල අසළටම පැමිණියහ.
මෙම තරගය කොළඹ වෙස්ලි විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන්නේ එල්. ඊ. බ්ලසේ කුසලාන වෙනුවෙනි.
කිංග්ස්වුඞ් පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු 40 ලබාගත්තේය. වෙස්ලි විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත්තේය.
තරගයේ වීරයා වශයෙන් හේෂාන් ජොන්සන් සම්මාන දිනාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.