Last Update  :  2024-03-29 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ අද (29 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 57-00 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 33-00 ක් ලෙස පෙරමුණ ගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 24 ක් එක්කර ගත්හ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස්කිරීමට කිසිදු ඉඩක් ලබා නොදීමටද එංගලන්ත ක්‍රීඩිකාවෝ වග බලාගත්හ.

එහිදී එංගලන්ත කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමගිනි. එංගලන්තය වෙනුවෙන් එලී බෝට්මන් උත්සාහක දිනුම් 4 ක්ද, ඇලීසියා මූඩ් උත්සාහක දිනුම් 2 ක්ද, ඇමී විල්සන්, ග්‍රාස් ක්‍රොම්ප්ටන් සහ ලෝරන් ටෝලි එක් උත්සාක දිනුම බැගින්ද ලබාගත්හ.

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.