Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිත ගුවන් හමුදාවට එරෙහිව හැව්ලොක්ස් පිල හෙට තරග බිමේ

අපරාජිත ගුවන් හමුදාවට එරෙහිව හැව්ලොක්ස් පිල හෙට තරග බිමේ

editorial - 2025 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ 6 වැනි සතියේ තරග හෙට (19 වැනිදා) ආරම්භ වන අතර පස්වැනි සතියේදී විවේකයක් ලබා සිටි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය එහිදී අපරාජිත ගුවන් හමුදාවට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. 

මෙතෙක් පැවැති තරගවලදී යුද හමුදාවට, පොලිසියට සහ නාවික හමුදාවට එරෙහිව පිට පිටම ජයග්‍රහණ ත්‍රිත්වයක් ලබා සිටින ගුවන් හමුදා කණ්ඩායම මේ වන විය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. නාවික හමුදාව සමග සම වෙමින්, ශ්‍රී ලයන්ස් කණ්ඩායම පරාජය කළ හැව්ලොක්ස් කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවේ. 

හයවැනි සතියේ දෙවැනි දිනය වන සෙනසුරාදා (20 වැනිදා) නාවික හමුදාවට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීත්, ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසිය ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීත් තරග වැදීමට නියමිතය. 

මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ඉරිදා (21 වැනිදා) නිත්තවෙලදී පැවැත්වෙන තරගයෙන් 6 වැනි සතිය නිමාවට පත්වනු ඇත. මෙම සියලුම තරග පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත අතර යුද හමුදා කණ්ඩායමට මෙම සතියේදී විවේකයක් හිමිව තිබේ. 

පස්වැනි සතිය අවසානයේ ගුවන් හමුදාව ලකුණු 16 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර සී.ආර්. කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 13 කට හිමිකම් කියමිනි. මහනුවර කණ්ඩායම ලකුණු 12 ක් ලබා තෙවැනි ස්ථානයේද, සී.එච්. කණ්ඩායම ලකුණු 11 ක් ලබා සිවුවැනි ස්ථානයේද රැදී සිටියි. 


හයවැනි සතියේ තරග කාලසටහන 
■ දෙසැ. 19 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී 
■ දෙසැ. 20 වැනිදා - නාවික හමුදාව සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
■ දෙසැ. 20 වැනිදා - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී 
■ දෙසැ. 21 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

අපරාජිත ගුවන් හමුදාවට එරෙහිව හැව්ලොක්ස් පිල හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.