Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ පොලිස් රැකවල් බිඳිති
අන්තර් සමාජ පළමු පෙළ

මහනුවර ක්‍රීඩකයෝ පොලිස් රැකවල් බිඳිති

editorial - 2025 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අට වැනි සතිය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (1 වැනිදා) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 43-22 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. 

මෙම ජයත් සමග තවදුරටත් තරගාවලිය තුළ සිය අපරාජිත බව රැක ගැනීමටද මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. මහනුවර කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ 7 වැනි ජය මෙන්ම පොලිස් කණ්ඩායම ලැබූ 6 වැනි පරාජයද මෙය විය. කෙසේ වුවත් උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගැනීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එහිදී ප්‍රසාද ලකුණ බැගින් හිමි විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-00 ක් ලෙස පෙරමුණ ගැනීමට ගත් මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 24 ක් රැස්කිරීමට සමත් වූහ. පළමු අර්ධයේදී ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ පොලිස් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේද ලකුණු 22 ක් පමණි. 

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයන්, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගිනි. පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු රැස්කළහ. එහිදී මහනුවර ක්‍රීඩකයෝ කහ කාඩ්පත් දෙකක් ලැබූහ. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් ෆරීඩ්, ධනුෂ්ක රංජන්, දැහැන් වික්‍රමාරච්චි, දිනාල් ඒකනායක, තරිඳු චතුරංග, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ මලිත විජේසුන්දර උත්සාහක දිනුම් වාර්තා කළ අතර පොලිස් කණ්ඩායම වෙනුවෙන් හිරන්ත පෙරේරා උත්සාහක දිනුම් 2 ක්ද, ෂේන් හෝවුඩ් සහ මලිත් බොතේජු එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පොලිස් රැකවල් බිඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.