Last Update  :  2024-12-13 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පීතරයෝ රාජකීයයන්ගේ අපරාජිත බව බිඳ දමති
අන්තර් පාසල් රග්බි

පීතරයෝ රාජකීයයන්ගේ අපරාජිත බව බිඳ දමති

editorial - 2024 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 
(ශානුක අරවින්ද)

අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ සෙනසුරාදා (27 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයකදී තියුණු සටනකින් අනතුරුව රාජකීය විදුහලට එරෙහිව ලකුණු 31-22 ක ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම තරගාවලිය තුළ අපරාජිතව සිටීම හේතුවෙන් මෙය අපරාජිතයන්ගේ සටනක් බවට පත්විය. එහිදී ලැබූ ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට ශාන්ත පීතරයන් සමත් වූ අතර ලැබූ පරාජයත් සමග රාජකීය විදුහලේ අපරාජිත බව බිඳවැටිණ. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 24-03 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වුවද, දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ රාජකීයයෝ ලකුණු 19 ක් රැස්කරමින් සිය ප්‍රතිවාදීන් පීඩනයට පත් කළහ. එහෙත් දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 7 ක් එක්කර ගත් ශාන්ත පීතරයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.

මෙම තරගයට පෙර ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල අතර අන්තර් පාසල් රග්බි තරග 76 ක් පවත්වා තිබිණ. ඉන් තරග 52 ක් ජයගැනීමට රාජකීය විදුහලද, තරග 22 ක් ජයගැනීමට ශාන්ත පීතර විදුහලද සමත්ව තිබූ අතර සෙසු තරග 2 සමව අවසන් වී තිබිණ.

හයවැනි සතිය යටතේ පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ වෙස්ලි, ගස්කිස්ස සාන්ත තෝමස්, කොළඹ ඩී.එස්. සේනානායක, මරදාන සහිරා, මහනුවර ත්‍රිත්ව, කොළඹ ඉසිපතන සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල් සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් මහනුවර විද්‍යාර්ථ, මහනුවර ධර්මරාජ, මහනුවර ශ්‍රී සුමංගල, කොළඹ තර්ස්ටන්, ගල්කිස්ස විද්‍යා, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පරාජයට පත් විය.

 

හයවැනි සතියේ තරග ප්‍රතිඵල
■ ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 31-22 ක් ලෙස රාජකීය විදුහල පරාජය කරන ලදි.
■ වෙස්ලි විදුහල විසින් ලකුණු 34-20 ක් ලෙස විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.
■ සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 46-12 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.
■ ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 76-10 ක් ලෙස ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදි.
■ සහිරා විදුහල විසින් ලකුණු 28-13 ක් ලෙස තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■ ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 36-00 ක් ලෙස විද්‍යා විදුහල පරාජය කරන ලදි.
■ ඉසිපතන විදුහල විසින් ලකුණු 38-08 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.
■ ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 55-05 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පරාජය කරන ලදි.


අදහස් (1)

පීතරයෝ රාජකීයයන්ගේ අපරාජිත බව බිඳ දමති
  • ගමයා Tuesday, 30 July 2024 01:04 AM

    කොළඹයි නුවරයි විතරයි රගර් ගහන්නේ. අනිත් දිස්ත්‍රික්ක 23නේ පාසල් උඩ බලන් ඉන්නවා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.