
ශ්‍රී ලාංකිකයන් විසින් පිහිටුවනු ලබන ගිනස් ලෝක වාර්තා අධීක්ෂණය කර ඊට නිල පිළිගැනීමක් ලබාදීමේ මූලික කටයුතු සම්පාදනය සඳහා නව කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම පංච පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල්, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් කුමාර ගුණවර්ධන සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.
කමිටු සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ සියළුම ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලාංකිකයන් විසින් පිහිටුවනු ලබන ලෝක වාර්තා ගිනස් පොතට ඇතුළත් කිරීමේ නිත්‍යානුකූල බලය හිමිවන්නේ නව කමිටුවට බවයි.
හැඬලය අත්හැර කිලෝ මිටර 100ක් පැද යමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා මෙරට තරුණයෙකු විසින් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කරමින් යොමු කරන ලද ලිපියක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසු ඇමැතිවරයා නව කමිටුව පත් කිරීමට කටයුතු කර තිබේ.
- 223
K.supun Thursday, 26 March 2026 03:17 PM
දිගම හූව(කටහඩ) longest voice. කියල ගිනස් වාර්තාවක් තියේද.. තියෙනවා නම් කොච්චර කාලයක්ද? මට පුළුවන් දැනට 1.30 විනාඩි 1තත්පර 30 පුරුදු වුනොත් විනාඩි 2ට යන්න පුළුවන්... කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.