Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලංකාව මියන්මාරය පරදවයි

ශී‍්‍ර ලංකාව මියන්මාරය පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පුරුවේදී අද (9) ආරම්භ වු ලෝක හොකී ලීග් තරගාවලියේ (I වැනි කොටස) ශ‍්‍රී ලංකාව සහ මියන්මාරය අතර පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ගෝල 7-0 ක පහසු ජයක් ලැබුහ. සිංගප්පුරුවේ ෂෙන්ග්කන්ග් කෘතිම හොකී ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේදී ගෝල 3-0 ක් ලෙස ශ‍්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

අභිත ප‍්‍රනාන්දු (ගෝල 2) සහ සඳරුවන් ප‍්‍රියලංක (ගෝල 2) දක්ෂ ලෙස ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගෝල හතරක්ම ලබා දුන්හ. ලක්ෂාන් නානායක්කාර, අසංක වෙලගෙදර සහ හරීන්ද්‍ර ධර්මරත්න ගෝලය බැගින් ලබාගත්හ.

ශ‍්‍රී ලංකාව තරගාවලියේ මුලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කරයි. මියන්මාරය, කසක්ස්තානය සහ සත්කාරක සිංගප්පුරුව ‘බී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වෙති.

ශ‍්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය මේ මස 12 වැනිදා සිංගප්පුරුව සමග පැවැත්වේ. කසක්ස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරගය මෙම 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

ලෝක හොකී කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ‍්‍රී ලංකාව 42 වැනි ස්ථානයේ සිටියි. සිංගප්පුරුව එම ශ්‍රේණිගත කිරීමේ 38 වැනි ස්ථානයේ සිටින අතර කසක්ස්තානය සිටින්නේ එහි 76 වැනි ස්ථානයේය.

ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කටයුතු කරයි.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව මියන්මාරය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.