Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ලෝක ලීග් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම

ලෝක ලීග් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පුරුවේදී පැවැති ලෝක ලීග් හොකී තරගාවලියේ (I වැනි කොටස) රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. මෙම ජයත් සමග ශ‍්‍රී ලංකාව එදා මෙදා තුර හොකී ක‍්‍රීඩාවෙන් අත්කරගත් ඉහළම ජයග‍්‍රහණය ලබමින් 2018 ලෝක ලීග් හොකී තරගාවලියේ II වැනි කොටසට සුදුසුකම් ලබා ගත්තේය.

සිංගප්පුරුවේ ෂෙන්ග්කන්ග් කෘතිම හොකී ක‍්‍රීඩා සංකීර්ණයේ ඊයේ (17) සවස පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක හොකී ශ්‍රේණිගත කිරීම් අනුව 19 වැනි ස්ථානයේ සිටි ප‍්‍රබල චීනයට අභියෝගයක් ගෙනදෙමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වුයේ දඬුවම් පහර 4-2 ක් ලෙසිනි.

තවමත් ලෝක හොකී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකා (පිරිමි) හොකී කණ්ඩායම අවසන් තරගයේ නියමිත කාලය ගෝල 3-3 ක් ලෙස අවසන් කළේ විශිෂ්ට ක‍්‍රීඩා විලාසයක් දක්වමිනි.

තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ‍්‍රී ලංකාව අවසන් පුර්ව තරගයේදී තායිලන්තය ගෝල 5-0 කින් පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකාව, වසර 11 කට පසුව මෙම තරගාවලියේදී සිංගප්පුරුව පරාජය කරමින් දැක්වු දස්කම ද කැපී පෙනේ. ලෝක හොකී ශ්‍රේණිගත කිරීමේ 38 වැනි ස්ථානයේ පසුවන සිංගප්පුරුව ශ‍්‍රී ලංකාව හමුවේ පරාජය වුයේ ගෝල 2-1 කිනි.

තරගාවලියේ මුලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ශ‍්‍රී ලංකාව විසින් මියන්මාරය ගෝල 7-0 කින්ද, කසක්ස්තානය ගෝල 7-0 කින්ද පරාජය කරන ලදි.

තුන්වැනි ස්ථානය තේරීමේ තරගයේදී තායිලන්තය විසින් සිංගප්පුරුව ගෝල 3-1 කින් පරදවා ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

රිදී පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කටයුතු කළේය.

 මෙම තරගාවලියට සමගාමීව පැවැති ලෝක ලීග් හොකී කාන්තා තරගාවලියේ (I වැනි කොටස) දී ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග දෙකක් ජය ලබාගත් නමුත් මුලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.

 


රිදී පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම:

නලන්ත ද සිල්වා (නායක), ටී. ඞී. රත්නසිරි, ටී. කේ. හීන්දෙණිය, අයි.කේ. ජයසුන්දර, ඞී.බී. දිසානායක, ඞී.එම්. විජේසිංහ, පී. කේ. හීන්දෙණිය ටී. අයි. ගුණවර්ධන ඒ. ඞී. රත්නසිරි, පී. කේ. ධර්මරත්න ඞී.එම්. බණ්ඩාර එල්.ජී වීරසුරිය, එස්. ප‍්‍රියලංක, ආර්. එම්. ඒ. සුරේෂ්, එල්. එච්. නානායක්කාර, සී. ඒ. වෙලගෙදර, එස්. එම්. ගුණවර්ධන, අභීත ප‍්‍රනාන්දු, වෛද්‍ය ලාල් ඒකනායක (කළමනාකරු),

 


අදහස් (0)

ලෝක ලීග් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.