Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඌව - උතුරු මැද ශූරතා දිනයි

ඌව - උතුරු මැද ශූරතා දිනයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වෙරළ කබඩි ඉසව්වේ පිරිමි ශූරතාව දිනාගැනීමට ඌව පළාතත්, කාන්තා ශූරතාව දිනාගැනීමට උතුරු මැද පළාතත් සමත් විය.

තරගාවලියේ පිරිමි සහ කාන්තා අනු ශූරතා ද්විත්වයම නැගෙනහිර පළාත සතු වූ අතර පිරිමි අංශයේ තෙවැනි ස්ථානය සබරගමුව පළාතට හිමිවිය. එහිදී ඇතිවූ ගැටලුවක් හේතුවෙන් කාන්තා අංශයේ තෙවැනි ස්ථානයක් නම් නොකෙරිණ.

මඩකලපුව කල්ලඩි වෙරළ තිරයේදී දින 3 ක් පුරා පැවැති මෙම කබඩි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඌව පළාතේ එම්.සී.ආර්. සමරකෝන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උතුරු මැද පළාතේ ආර්.ටී.එන්. මල්කාන්තිද සම්මාන දිනාගත්හ.

පිරිමි අංශය
ශූරතාව - ඌව පළාත
අනු ශූරතාව - නැගෙනහිර පළාත
තෙවැනි ස්ථානය - සබරගමුව පළාත

කාන්තා අංශය
ශූරතාව - උතුරු මැද පළාත
අනු ශූරතාව - නැගෙනහිර පළාත
තෙවැනි ස්ථානය - අභියාචනා මණ්ඩලයට යොමුකර තිබේ.  

 


අදහස් (0)

ඌව - උතුරු මැද ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.