Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඇල්කසබා ‘ප්‍රෙස්ටීජ්’ කුසලාන දිනාගනී

ඇල්කසබා ‘ප්‍රෙස්ටීජ්’ කුසලාන දිනාගනී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ දෙවැනි අදියර වූ නුවරඑළිය තුරඟ තරගයේ පිටියේදී ඉරිදා (10 වැනිදා) පැවැති තරගාවලියේ ප‍්‍රධානතම තරගය වූ ‘ප්‍රෙස්ටිජ් කුසලාන’ තරගය ජයගැනීමට දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් ඇල්කසබා අශ්වයා මෙහෙය වූ එස්. ඞී. මහේෂ් සමත් විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව මීටර් 1400 දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය රියෙන්සි එඞ්වඞ්ස් මහතාට සහ එම මහත්මියට අයත් ‘ස්පියර් හෙඞ්’ අශ්වයා මෙහෙය වූ ඉර්වාන් සිංට හිමිවිය. ඉසිර දසනායක මහතාට අයත් ‘ඔගස්ටස්’ අශ්වයා මෙහෙය වූ අශෝක් කුමාර් එහි තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

තවත් ප‍්‍රධානතම තරගයක් වූ මීටර් 1600 ක දුරකින් යුත් ‘වැවිලි කර්මාන්ත’ කුසලාන තරගය ජය ගැනීමටද දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් සෑන්ඞ්ස්ට්‍රෝම් අශ්වයා මෙහෙය වූ එස්. ඞී. මහේෂ් සමත් විය.

‘ප්‍රෙස්ටිජ් කුසලාන’ තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද, ‘වැවිලි කර්මාන්ත’ කුසලාන තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණ.

තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අණුක සූසා, නදීරා මඩුගල්ල, නවීන් මාධව බණ්ඩාර, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන්, එස්. පෙරියසාමි, ජේ. ආර්. ඉරුගල්බණ්ඩාර සහ අජන්ත ද සොයිසා වැනි පුද්ගලයන් හිමිකාරත්වය දරන අශ්වයන් 35 දෙනෙක් පමණ තරග වැදිණ.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සහභාගි වූ අතර විශේෂ ආරාධිතයකු ලෙස නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා සහභාගි විය.

මෙම තරග මාලාවේ මීලග තරගාවලි තුන මේ මස 16, 23 සහ 30 යන දිනවල නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

වසර 100 ක ඉහළ ශ්‍රී ලංකා තුරඟ තරග ඉතිහාසයේ තරගයක් සඳහා පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල මේ මස 16 වැනිදා පැවැත්වෙන තරගාවලියේදී පිරිනැමීමට කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සූදානමින් සිටින අතර එය රුපියල් මිලියනයකි. ‘කුනිගාල් ස්ටඞ් මැජික් මිලියන්’ නමින් හැඳින්වෙන තරගයේ ජයග‍්‍රාහකයාට එම මුදල් ත්‍යාගය හිමිවේ.

තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප‍්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.  


තරග ප‍්‍රතිඵල

‘ඩෂ්මේෂ් ස්ටඞ් ෆාම්’ කුසලාන (මීටර 1200)

1 අයිස්ලැන්ඩික් - එස්. සුගනාදන් - හසංග ජයරත්න
2 සුපී‍්‍රම් - ඉර්වාර් සිං - දීප්තිකා ජයකොඩි  
3 බියුටිෆුල් ලන්කන් - අශෝක් කමාර් - ඉසිර දසනායක


‘ස්පෝර්ටිං ටයිම්ස්’ කුසලාන (මීටර 1200)

1 ඉන්දියන් එපික් - එස්. ඞී. මහේෂ් - ඉසිර දසනායක
2 ඩොන් හසා - ඒ. විෂ්වනාත් - ගාමිණි ජයරත්න
3 කි‍්‍රම්සන් ක්වෙස්ට් - එස්. සුගනාදන් - ජයරත්න ස්ටේබල්ස්


‘ද බ්ලැක්පූල් හොටෙල්’ කුසලාන (මීටර 1200)

1 කි‍්‍රස්මස් කේක් - එම්. මෝහන් රාජ් - ඒ. එන්. අරුමපුර
2 ස්ටොක් වෙල් - අශෝක් කුමාර් - ඉසිර දසනායක
3 කොස්මොපොලිටන් - දිනේෂ් - අණුක සූසා


‘ප්‍රෙස්ටිජ්’ කුසලාන (මීටර 1400)

1 ඇල්කසබා - එස්. බී. මහේෂ් - දීප්තිකා ජයකොඩි
2 ස්පීයර් හෙඞ් - ඉර්වාන් සිං - රියෙන්සි එඞ්වඞ්ස්
3 ඔගස්ටස් - අශෝක් කුමාර් - ඉසිර දසනායක


‘වැවිලි කර්මාන්ත’ කුසලාන (මීටර 1600)

1 සෑන්ඞ්ස්ට්‍රෝම් - එස්. ඞී. මහේෂ් - දීප්තිකා ජයකොඩි
2 සසෙක්ස් ඩවුන් - ඉර්වාන් සිං - නදීරා මඩුගල්ල
3 අයිස් මින්ට් - අශෝක් කුමාර් - ඉසිර දසනායක


‘ෆෙස්ටිවල්’ කුසලාන (මීටර 1200)

1 ලෙගාස් - එස්. දසරාදන් - නවීන් මාධව බණ්ඩාර
2 එයාර්බෝන් II - සුමිත් කුමාර් - අජන්ත ද සොයිසා
3 ක්වීන් ඔෆ් ද හිල් - එම්. ඉෂාන් - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ

 
‘ඇල්ෆයින් හොටෙල්’ කුසලාන (මීටර 1000)

1 සිටි ෂොට් - කේ. සංජීවන් - එස්. ලෝගනාදන්
2 රීබත් - දිනේෂ් - වසන්ති ස්ටේබල්ස්  
3 අරුන්දතී - එම්. ඉෂාන් - එස්. පෙරියසාමි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින් ඇල්කසබා සහ සෑන්ඞ්ස්ට්‍රෝම් යන අශ්වයන්ගේ හිමිකාරිය වූ දීප්තිකා ජයකොඩි මෙනවිය කුසලාන ලබාගනිමින්.... නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතාද ඡායාරූපයෙය් සිටී.

 


අදහස් (0)

ඇල්කසබා ‘ප්‍රෙස්ටීජ්’ කුසලාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.