Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෙන්තොට වෙරළේ තීරයේ සිනමන් හෝටලය අසළදී පැවැති ‘රෙඞ් බුල් ලෙවල්ස්’ තරගාවලියේ II වැනි අදියර ජයගැනීමට බෙන්තොට කලාප කණ්ඩායම සමත් විය.
අවසන් පූර්ව වටයේදී ශාක්ස්, වන් සමර් සහ 2015 වසරේ පැවැති තරගාවලියේ ශුරයන් වූ ‘350’ යන කණ්ඩායම් සමග කරට කර සටනක නිරත වූ බෙන්තොට කලාප කණ්ඩායම, අවසන් තරගයේදී මිනිත්තු 5 යි ත්ත්පර 46.54 ක කාලයක් වාර්ථා කරමින් තරගය ජයග‍්‍රහණය කළේය.
”අපේ උපන් ගමේ, අපේ මිතුරන් සහ පවුල්වල අය ඉස්සරහම තරගයක් ජය ගැනීමට හැකිවීම ගැන ඉතාමත් සතුටට පත්වෙනවා. ඉදිරියේදීත් මේ වගේ තරග කිරීමට අපි බලාපොරොත්තුවනවා. ඒවගේම ආයෙත් ජයග‍්‍රහණය කිරීමටත් අපි සූදානම්.” යැයි ජයග‍්‍රහණයෙන් අනතුරුව බෙන්තොට කලාප කණ්ඩායම පැවසීය.
ඉතා පැරණි ශිල්ප ක‍්‍රම යොදා ගනිමින් නැවුම් අත්දැකීමක් ලබාදීම අරමුණු කරගත් ‘රෙඞ් බුල් ලෙවල්ස්’ තරගාවලිය, රිටිමත නැග මසුන් ඇල්ලීම සහ අතුරේ යාම පිළිබඳ සාම්ප‍්‍රදායික ශිල්පීය ක‍්‍රමවල සුසංයෝගයෙන් නිර්මාණය වූ අභියෝගාත්මක තරගාවලියකි.
මෙම තරගාවලිය සඳහා බෙන්තොට කලාප කණ්ඩායම සමගින් තවත් කණ්ඩායම් 59 ක් සහභාගි වූ අතර උස් ප‍්‍රමාණ පහකින් යුතු සාම්ප‍්‍රදායික රිටි මත නැග මසුන් ඇල්ලීමේ සිට විවිධ අභියෝගාත්මක තරගය මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. රිටි මත නැගි සියලූ කණ්ඩායම් කාලය සමග පොර බදිමින් තරග කළ අතර පැයෙන් පැයට බෙන්තොට වෙරළ තීරයේ දැඩි හිරු රැස් සහ නැගී එන රළ නිසා ඔවුන්ගේ කාර්ය තවත් අභියෝගාත්මක විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.