Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසැල් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ 2018 සමස්ත ලංකා පාසැල් බාලිකා දැල්පන්දු තරගාවලියේදී වයස 20 න් පහළ ශූරතාව කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය විසින් දිනා ගනු ලැබිණ. වසර ගණනාවක සිටම පාසල් දැල්පන්දු ක්ෂේත්‍රයේ කැපී පෙනෙ නමක් හිමිකරගෙන සිටින කළුතර ක්‍රීඩිකාවන්ට මෙවර හිමිවූයේ 20 න් පහළ ශූරතාව පමණි.
මෙම තරගාවලියේදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද වයස 16 න් පහළ ශූරතාවය දිනාගන්නා ලද අතර කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට 18 න් පහළ ශූරතාවය හිමිවිය.
කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය විසින් වයස 16 න් පහළ අනුශූරතාවය හිමිකරගන්නා ලදි. කොළඹ 7 කාන්තා විද්‍යාලය 18 න් පහළ අනුශූරතාවය හිමිකරගත් අතර කොළඹ විශාඛා විද්‍යාලය 20 න් පහළ අනුශූරතාව හිමිකරගත්තේය.
මෙම තරගාවලියේ වයස 16 න් පහළ තෙවන ස්ථානය කොළඹ 7 මියුසියස් විද්‍යාලයටත්, 18 න් පහළ තෙවන ස්ථානය මහනුවර හිල්වුඞ් විද්‍යාලයටත්, 20 න් පහළ තෙවන ස්ථානය එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවිය.
20 න් පහළ ශූරතාවය දිනා ගත් කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමේ ටී.ඉෂානි මධුෂිකා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තෝරා ගනු ලැබිණ.
16 න් පහළ ශූරතාවය දිනා ගත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය කණ්ඩායමට සඳලි රෂ්මිකා ඒකනායක ද, 18 න් පහළ ශූරතාවය දිනා ගත් කොළඹ විශාකා විද්‍යාලයේ කණ්ඩායමට කේ, ඩී. සිතාරා සෙව්මිණි ද, 20 න් පහළ ශූරතාවය දිනා ගත් කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමට එස්. ඈන් දුමාෂා පෙරේරා ද නායකත්වය දුන්හ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා පිළිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණ මෙම තරගාවලියට දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් 81 ක් සහභාගි වූහ.
තරගාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා විසින් ජය සංකේත ප්‍රදානය කරන ලදි. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ආර්.ඇම්. ක්‍රිෂාන් දුමින්ද මහතා විසින් සම්බන්ධීකරණ කටයුතු කරන ලදි.
මලියදේව නායිකාව ශූරතා පළිහ ලබමින්... |
විශාඛා නායිකාව ශූරතා පළිහ ලබමින්... |
කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාම නායිකාව ශූරතා පළිහ ලබමින්... |
මලියදේව කණ්ඩායම |
විශාඛා කණ්ඩායම |
කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාම කණ්ඩායම |
දක්ෂතම ක්‍රීඩිකාව ටී. ඉෂානි මධුෂිකා |
ශූරතා දිනා ගත් කණ්ඩායම් නායිකාවෝ |
ඡායාරූප - හික්කඩුව විශේෂ අමරසේන විතානගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.