Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ‘චාල්ටන්’ මිලියනයේ සල්ලි මල්ල ඩැහැගනී

‘චාල්ටන්’ මිලියනයේ සල්ලි මල්ල ඩැහැගනී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ තෙවැනි අදියරේ  ප‍්‍රධානතම තරගය වූ ‘කුනිගල් ස්ටඞ් මැජික් මිලියන්’ කුසලාන තරගය ජයගැනීමට දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් ‘චාර්ල්ටන්’ අශ්වයා මෙහෙය වූ ඉර්වාන් සිං සමත් විය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය ඉකුත් සති අන්තයේදී (16 වැනිදා) නුවර එළිය තුරඟ තරග පිටියේදී නිමාවට පත්විය.

මීටර් 1800 දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගැනීමට  දීප්තිකා ජයකොඩි මෙනවියටම අයත් ‘ඇල්කසබා’ අසු මෙහෙයවූ දිනේෂ් සහ ‘රොස්වල්ඞ්’ අශ්වයා මෙහෙයවූ එස්. ඞී. මහේෂ් සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය.

එම තරගය ජයගැනීම හේතුවෙන් එදා මෙදා තුර ශ්‍රී ලංකා තුරඟ තරග ඉතිහාසයේ තරගයක් සඳහා පිරිනැමුණ ඉහළම මුදල් ත්‍යාගය වූ රුපියල් මිලියනයක මුදල් ත්‍යාගය දීප්තිකා ජයකොඩි මෙනවියට හිමිවිය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව මීටර් 2000 ක දුරකින් යුක්ත වූ ‘රැජින’ කුසලාන තරගය ජය ගැනීමට ඉසිර දසනායක මහතාට අයත් ‘අයිස් මින්ට්’ අශ්වයා මෙහෙය වූ ඉර්වාන් සිං සමත් විය. ඔහුට කරට කර තරගයක් දුන් රියෙන්සි එඞ්වඞ්ස් මහතාට සහ එම මහත්මියට අයත් ‘ඇරබියන් ගෝල්ඞ්’ අශ්වයා මෙහෙයවූ එස්. ඞී. මහේෂ් එම තරගයේ දෙවැනි ස්ථානයට පත්විය.

තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී අසුන් 35 දෙනකු පමණ තරග කළ අතර දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අණුක සූසා, නදීරා මඩුගල්ල, නවීන් මාධව බණ්ඩාර, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන්, එස්. පෙරියසාමි, ජේ. ආර්. ඉරුගල්බණ්ඩාර සහ අජන්ත ද සොයිසා යන මහත්ම මහත්මීහු එම අසුන්ගේ හිමිකරුවෝ වූහ.  

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා මහතා සහභාගි වූ අතර විශේෂ ආරාධිතයන් ලෙස සංචාරක සහ කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්වරුත් සහභාගි වූහ.

මෙම තරග මාලාවේ මීලග තරගාවලි දෙක මේ මස 23 වැනිදා සහ 30 වැනිදා නුවර එළිය තුරඟ තරග පිටියේදීම පැවැත්වීමට නියමිතය.

පහත දැක්වෙන තරග ප‍්‍රතිඵල සටහන තරග වැදුණ අශ්වයා, එම අසු මෙහෙය වූ අසරුවා සහ අසුගේ හිමිකරු යන අනුපිළිවෙලට පෙළගස්වා තිබේ.  

 

තරග ප‍්‍රතිඵල


‘සංචාරක අමාත්‍යංශ’ කුසලාන (මීටර 1400)

1 අයිස්ලැන්ඩික් - ඉම්රන් ඛාන් - හසංග ජයරත්න
2 ඉන්දියන් එපික් - ඉර්වාන් සිං - ඉසිර දසනායක
3 සුපී‍්‍රම් - එස්. ඞී. මහේෂ් - දීප්තිකා ජයකොඩි  


‘රැජින’ කුසලාන (මීටර 2000)

1 අයිස් මින්ට් - ඉර්වාන් සිං - ඉසිර දසනායක
2 ඇරබියන් ගෝල්ඞ් - එස්. ඞී. මහේෂ් - රියෙන්සි එඞ්වඞ්ස්  
3 සසෙක්ස් ඩවුන් - දිනේෂ් - නදීරා මඩුගල්ල

 
‘බ්ලැක්පූල් හොටෙල්’ කුසලාන (මීටර 1600)

1 ඩොන් හසා - ඒ. විශ්වනාත් - ගාමිණී ජයරත්න  
2 පර්ෆෙක්ට් - එස්. සෙල්වරත්නම් - ජයරත්න අස්ගාල  
3 ක‍්‍රිම්සන් කුයිස්ට් - එස්. සුගනාදන් - ජයරත්න අස්ගාල


‘සුමති’ කුසලාන (මීටර 1400)

1 කොස්මොපොලිටන් - දිනේෂ් - අනුක සූසා  
2 කි‍්‍රස්මස් කේක් - එම්. මෝහන් රාජ් - ඒ. එම්. අරුමපුර  
3 ස්ට්‍රෝමි පෙට්රල් - අශෝක් කුමාර් - ඇනිග්ලි අස්ගාල


‘කුනිගල් ස්ටඞ් මැජික් මිලියන්’ කුසලාන (මීටර 1800)

1 චාර්ල්ටන් - ඉර්වාන් සිං - දීප්තිකා ජයකොඩි
2 ඇල්කසබා - දිනේෂ් - දීප්තිකා ජයකොඩි
3 රොස්වල්ඞ් - එස්. ඞී. මහේෂ් - දීප්තිකා ජයකොඩි


‘නුවර එළිය’ කුසලාන (මීටර 1000)
1 රීබත් - දිනේෂ් - වසන්ති අස්ගාල   
2 සිටි ෂොට් - රවී කුමාර් - එස්. ලෝගනාදන්
3 අරුන්දතී - එම්. ඉෂාන් - එස්. පෙරියසාමි


‘අරලිය ගී‍්‍රන් හිල්ස් හොටෙල්’ කුසලාන (මීටර 1400)

1 ක්වීන් ඔෆ් ද හිල් - එම්. මෝහන්රාජ් - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ
2 එයාර්බෝන් II - සුමිත් කුමාර් - අජන්ත ද සොයිසා
3 ලෙගාස් - එස්. දසරාදන් - නවීන් මාධව බණ්ඩාර

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘කුනිගල් ස්ටඩ් මැජික් මිලියන්’ කුසලාන තුරඟ තරගාවලියේ විශේෂ අවස්ථා...


ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

‘චාල්ටන්’ මිලියනයේ සල්ලි මල්ල ඩැහැගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.