Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය සංවිධානය කරන ‘චලයි චැලෙන්ජ්’ අභියෝග කුසලාන මවුන්ටන් පාපැදි තරගය (පිරිමි/කාන්තා) මේ මස 14 වැනිදා පෙරවරු 6.30 ට මුලිතිව් නගරයේදී පැවැත්වේ. තරගකරුවන් 100 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට විදෙස් තරගකරුවෝ 13 දෙනෙක්ද සහභාගිවෙති.
මුලිතිව් නගරයෙන් ආරම්භවන මෙම තරගාවලියේදී තරගකරුවෝ කිලෝමීටර 75 ක දුරක් දුෂ්කර මාර්ගයක පාපැදි ධාවනයේ යෙදෙති. තරගය පේදුරුතුඩුවෙන් අවසන් වීමට නියමිතය.
මෙම තරගයේ ශූරයාට සහ ශූරියට ඇමරිකානු ඩොලර් 500 ක මුදල් ත්‍යාගයක් සමගින් සිංගප්පුරුවට යාමට සහ ඒමට ගුවන් ප‍්‍රවේශපත‍්‍රයයක්ද කුසලාන, පදක්කම් සහ සහතිකපත්ද පිරිනැමේ.
පළමු ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා තරගය නිම කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදලින් මෙන්ම තවත් විශේෂ ත්‍යාග රැසක් පිරිනැමීමට සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.
ඉරානය, නේපාලය, සිංගප්පුරුව සහ ඉන්දියාව යන රටවල් හතරෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගිවන අතර ඔවුන් ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගවලට සහභාගිවී ජයග‍්‍රහණ ලබා සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ බවද සංවිධායකයෝ කියති.
ත‍්‍රිවිධ හමුදාවෙන්, පොලිසියෙන් මෙන්ම ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් මවුන්ටන් පාපැදි ජාතික ශ්‍රේණිගත කිරීම්වල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 35 දෙනා ඇතුඵ තරගකරුවෝ රැසක් තරගාවලියට සහභාගිවෙති.
නාවික හමුදාව සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය තරගාවලිය සංවිධානය කිරීම සඳහා සහයෝගය දක්වයි.
‘වීල් ෆෝ වීල්ස්’ ළමා සුභසාධන වැඩසටහනේ රෝදපුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනට අරමුදල් එක් රැස් කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
තරගාවලියට සහභාගිවන තරගකරුවන් සඳහා විශේෂ රැස්වීමක් මේ මස 13 වැනිදා පස්වරු 6.00 ට මුලතිව්හිදී පැවැත්වෙන අතර තරග සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂා කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට 0777881650 යන දුරකතන අංකය ඔස්සේ අමල් සුරියගේ මහතා ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.