Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර පොල්හේන ජල ක‍්‍රීඩා සමාජය 31 වැනි වරටත් සංවිධානය කළ කිලෝමීටර දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ විවෘත පිරිමි අංශයේදී තරිඳු උදයංග ද සිල්වා ශූරතාව දිනාගත්තේය. කාන්තා අංශයේ ශූරතාව ශසිනි නවෝද්‍යා සතුවිය.
අම්බලන්ගොඩ ලයන්ස් මුහුදු පිහිනුම් සමාජය නියෝජනය කරන තරිඳු සහ ශසිනි මෙම තරගාවලියේ ශූරතා පිට පිට දිනාගත් දෙවැනි අවස්ථාව මෙයවේ.
පසුගියදා ගල්කිස්සේ පැවැති 79 වැනි සැතපුම් දෙකේ සහ වැල්ලවත්තේ පැවැති 51 වැනි සැතපුම් හයේ මුහුදු පිහිනුම් තරගාවලි දෙකේම ශූරයා වුයේ තරිඳුය. කාන්තා තරගය ජයගත් ශසිනි, වැල්ලවත්තේ පැවැති සැතපුම් හයේ මුහුදු පිහිනුම් තරගාවලියේද ශූරිය වුවාය.
මාතර පොල්හේන මුහුදු තීරයේ පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 130 කට ආසන්න පිරිසක් සහභාගිවුහ.
කිලෝ මීටර 2 ක දුරකින් යුතු තරගය නිම කිරීම සඳහා තරිඳු විනාඩි 18.51 ක කාලයක් ගත කළේය. මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 19 හැවිරිදි තරිඳු, මාදම්පා ගඟේ පුහුණුවීම්වල නිරතවෙමින් දිවයිනේ පැවැත්වෙන ප‍්‍රධානතම මුහුදු පිහිනුම් තරගාවලි සඳහා සහභාගිවන ක‍්‍රීඩකයෙකි.
තරිඳු නියෝජනය කරන අම්බලන්ගොඩ ලයන්ස් මුහුදු පිහිනුම් සමාජයේ ක‍්‍රීඩකයන් දෙදෙනෙක් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීම කැපී පෙනේ.
ගීෂාන් රවිඳු (වි.20.02) සහ නිමේෂ් කවිඳු (වි.20.05) පිළිවෙලින් විවෘත පිරිමි අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි ශෂිනි නවෝද්‍යා විවෘත කාන්තා අංශය ජය ගැනීමට විනාඩි 23.12 ක කාලයක් ගත කළාය. දෙවැනි ස්ථානය හිමිකරගත් කෞෂල්‍යා වොසිනි (වි.24.42) අම්බලන්ගොඩ ඩොල්ෆින් කී‍්‍රඩා සසමාාජය නියෝජනය කරන අතර 3 වැනි තැනට පත් කේ. ආර්. දිලංකාද (වි.28.07) අම්බලන්ගොඩ ඩොල්ෆින් කී‍්‍රඩා සමාජය නියෝජනය කරන්නීය.
අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක‍්‍රීඩා සමාජයේ ලසිඳු මාධව දක්ෂතම ලාබාල ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ නිර්මාණී නිම්සරා දක්ෂතම ලාබාල ක‍්‍රීඩිකාව ලෙස සම්මාන ලබා ගත්තාය.
තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් ප‍්‍රවීණම ක‍්‍රීඩකයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එච්.එම්.ඒ. බණ්ඩාර සම්මාන ලැබීය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පී.කේ. සෙනෙවිරත්න ප‍්‍රවීණතම ක‍්‍රීඩිකාව ලෙස තේරීපත් වුවාය.
මෙම තරගාවලියට සමගාමීව වයස් කාණ්ඩ කෙටි දුර පිහිනුම් තරග අපේ‍්‍රල් මස 2 වැනිදා පොල්හේන රීෆ් ගාඞ්න් හෝටල් පිහිනුම් තටාකයේදී පැවැත්විණ. මාතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල කොඩිතුවක්කු මහතා ඇතුඵ ආරාධිත අමුත්තන් රැසකගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය පැවැත්විණ.
විවෘත පිරිමි අංශයේ තරග ප‍්‍රතිඵල:
1.තරිදු උදයංග ද සිල්වා (වි.18.51, අම්බලන්ගොඩ ලයන්ස්)
2. ගීෂාන් රවිඳු (වි.20.02, අම්බලන්ගොඩ ලයන්ස්)
3.නිමේෂ් කවිඳු (වි.20.05, අම්බලන්ගොඩ ලයන්ස්)
4. ගවිදු කවිෂ්ක (වි.20.57, අම්බලන්ගොඩ ඩොල්ෆින්)
5.රෂේන් ඩිල්ෂාන් (වි.22.12, අම්බලන්ගොඩ ලයන්ස්)
විවෘත කාන්තා අංශයේ තරග ප‍්‍රතිඵල:
1.ශසිනි නවෝද්‍යා (වි.23.12, අම්බලන්ගොඩ ලයන්ස්)
2. කෞෂල්‍යා වොසිනි (වි.24.42, අම්බලන්ගොඩ ඩොල්ෆින්)
3.කේ.ආර්.දිලංකා (වි.28.07, අම්බලන්ගොඩ ඩොල්ෆින්)
4.පී.එච්.නන්දනී (වි.29.42, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව)
5.විහංගා දිල්මිණී (වි.30.02, මාතර සුජාතා බාලිකා)
කෙටිදුර පිහිනුම් තරගාවලියේ වයස් කාණ්ඩයන්’හි ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ:
ඒ. එන්. වෛද්‍යරත්න (10 න් පහළ (බාලක), මාතර ශා.තෝමස්), නිර්මාණී නිම්සරා (10 න් පහළ (බාලිකා), මාතර සුජාතා බාලිකා), අයි.ෂෙෂාන් අසීම් (12 න් පහළ (බාලක), මාතර රාහුල), වයි. ජී. තනුමි (12 න් පහළ (බාලිකා), තිස්සමහාරාම ජනාධිපති), ඩබ්.පී.සිත්මි සහන්යා (12 න් පහළ (බාලිකා විශේෂ), මාතර රෝහණ ම.වි), ඩබ්. සන්දීප ෂෙරාන් (14 න් පහළ (බාලක), මාතර ශා.තෝමස්), විහංගා දිල්මිණී (14 න් පහළ (බාලිකා), මාතර සුජාතා), රුබායා අමල් (19 න් පහළ (බාලිකා), මාතර සුජාතා)
විවෘත කාන්තා ඉසව්ව ජයගත් ක්‍රීඩිකාවෝ
ලාබාලතම ඉසව්ව ජයගත් ලසිඳු මාධව සහ නිර්මාණී නිම්සරා
වයස් කාණ්ඩ ඉසව් ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
තරගයේ ආරම්භක අවස්ථාව...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.