Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘ලී-නින්’ බැඞ්මින්ටන් තරග ජූනි 20 දා සිට

‘ලී-නින්’ බැඞ්මින්ටන් තරග ජූනි 20 දා සිට

Dilrukshi - 2015 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා බැඩ්මිටන් සංගමය 5 වැනි වරටත් සංවිධානය කරන ‘ලී-නින්’ අන්තර් සමාගම් යුගළ බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය ජූනි මස 20 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී එක් කණ්ඩායමකට පිරිමි යුගළ තරග 2 කට, කාන්තා යුගළ තරගයකට, මිශ‍්‍ර යුගළ තරගයකට සහ වයස 40 න් ඉහල ජ්‍යෙෂ්ඨ පිරිමි යුගළ තරගයකට සහභාගී වීමට සිදුවේ. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනෙකුට සහභාගී විය හැකි අතර ඉන් 7 දෙනෙකු (ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් ඇතුළත්ව) කී‍්‍රඩකයන් විය යුතුය.

මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක්කේ වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අනුබද්ධ කී‍්‍රඩා සංවිධාන නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණි.

ලී-නින් අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට කුසලාන, සහතික පත‍්‍ර මෙන්ම වටිනා ත්‍යාග ලබාදීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

තරගාවලියේ අයැදුම් පත් භාරගැනීම මේ මස 29 වැනිදායින් අවසන් වන අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු රොෂාන් ප‍්‍රනාන්දු (උපසභාපති - 077 2442432), මෝදිත ජයසේකර (තරග ලේකම් -071 4900631) සහ චන්දන නිලන්ත (තරග තීරක - 071 4345122) යන මහත්වරුන් ඇමතීමෙන් දැනගත හැකිය.

 


අදහස් (0)

‘ලී-නින්’ බැඞ්මින්ටන් තරග ජූනි 20 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.