ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන ‘ලංකා ප්ලේට්’ ආධුනික කැරම් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට සති අන්තයේදී කොහුවල කැරම් සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
දිවයින පුරා සිටින කැරම් ක‍්‍රීඩාවට දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියට ජාතික ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ට සහභාගිවිය නොහැකිය. පිරිමි සහ කාන්තා කේවළ, යුගල ඉසව්වන්ගෙන් එහිදී තරග පැවැත්වේ.
අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මස 6 වැනිදා අවසන්වන අතර කොහුවල සුනේත‍්‍රාදේවි පාරේ පිහිටි කැරම් සංගම් මුලස්ථානයට අයැදුම්පත් බාරදිය හැකිය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.