Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘චාල්ටන්’ අගමැති කුසලානය දිනයි

‘චාල්ටන්’ අගමැති කුසලානය දිනයි

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය විසින් සංවිධානය කරනු ලබන තුරඟ තරගාවලි මාලාවේ පළමු අදියර ලෙස නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැති තරගාවලියේ ප‍්‍රධානතම තරගය වූ අගමැති කුසලාන තරගය ජයගැනීමට දීප්තිකා ජයකොඩි මහත්මියට අයත් චාර්ල්ටන් අශ්වයා මෙහෙය වූ ඉර්වන් සිං සමත් විය.


එහි දෙවැනි ස්ථානය දීප්තිකා ජයකොඩි මහත්මියටම අයත් රොස්වල්ඞ් අශ්වයා මෙහෙය වූ එස්. ඞී. මහේෂ්ට හිමිවූ අතර තෙවැනි ස්ථානය කීර්ති වන්නකුවත්ත මහතාට අයත් ඇල්කසාබා අශ්වයා මෙහෙය වූ විනෝද් සිංට හිමිවිය.


මෙහිදී පැවැති තවත් සුවිශේෂී තරගයක් ලෙස ‘කොට්න් හෝල්’ පෙළැන්තියේ තුරඟ තරගය හැදින්විය හැකි අතර එම තරගය ජයගැනීමට ඉසිර දසනායකට අයත් ‘බියුටිෆුල් ලන්කන්’ අශ්වයා මෙහෙය වූ අශෝක් කුමාර් සමත් වූයේය.


තරග 8 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී අශ්වයන් 35 දෙනෙක් පමණ තරග වැදිණ.  


තරග වැදුණ අශ්වයා, අසරුවා සහ අසුගේ හිමිකරුවා යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප‍්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.

 
තරග ප‍්‍රතිඵල


අගමැති කුසලාන (I පෙළැන්තිය - මීටර් 1600)


1 චාර්ලටන් - ඉර්වන් සිං - දීප්තිකා ජයකොඩි

2 රොස්වල්ඞ් - එස්. ඞී. මහේෂ් - දීප්තිකා ජයකොඩි

3 ඇල්කසාබා - විනෝද් සිං - කීර්ති වන්නකුවත්ත  


‘කොට්න් හෝල්’  පෙළැන්තිය (මීටර 1200)


1 බියුටිෆුල් ලන්කන් - අශොක් කුමාර් - ඉසිර දසනායක

2 කේ‍්‍රටිව් හාට් - එන්. එස්. පර්මාර් - ඉසිර දසනායක

3 ස්ට්‍රෝමි පෙට‍්‍රල් - අයි. දයාලන් - අනිග්ලි ස්ටැබ්ල්ස්


වසන්ති අනුස්මරණ කුසලාන (අර්ධ අජානේය අසුන් - මීටර 1000)


1 සිටි ෂොට් - කේ. සංජීවන් - එස්. ලෝගනාදන්

2 මිලේනියම් ක්වීන් - මධන් කුමාර් - එම්. සුදාගර්

3 මිස්ටි ක්වීන් - එස්. සුගනන්දන් - එස්. වී. මදියලගන්


නගරාධිපති පැලැන්තිය (මීටර 1400)


1 සුපී‍්‍රම් - එස්. ඞී. මහේෂ් - දීප්තිකා ජයකොඩි

2 ඉන්දියන් එපික් - අශෝක් කුමාර් - ඉසිර දසනායක

3 ජොවානා - එල්. දයාලන් - සුගත් සේනාරචිචි


ගාමිණි දිසානායක අනුස්මරණ කුසලාන (මීටර 1400)


1 ගසාකි - ඉර්වන් සිං - කීර්ති වන්නකුවත්ත

2 අයිස් මිනිට් - අශෝක් කුමාර් - ඉසිර දසනායක

3 සෑන්ඞ්ස්ට්‍රෝම් - දිනේෂ් - දීප්තිකා ජයකොඩි


රූපවාහිනි සංස්ථා කුසලාන (මීටර් 1100)


1 ස්ට්‍රෝක්වෙල් - අශෝක් කුමාර් - ඉසිර දසනායක


වසන්ති අනුස්මරණ කුසලාන (I පැලැන්තියේ අර්ධ අජානේය අසුන් - මීටර 1000)


1 අරුන්දතී - එම්. ඉෂාන් - එස්. පෙරියසාමි

2 රීබාත් - එල්. දයාලන් - වසන්ති ස්ටේබල්ස්

3 අයි ටච් - ඒ ඩිලාන් - කි‍්‍රෂිකා ලියෝනි


නුවරඑළිය තුරඟ තරග කුසලාන (මීටර් 1000)


1 ලෙගාසි - එස්. දසරාදන් - නවීන් මධවබණ්ඩාර

2 කාර්බී‍්‍රස් - කේ. සංජීවන් - දීප්තිකා ජයකොඩි

3 ක්වීන් ඔෆ් ද හිල් - එම්. ඉශාන් - ආර්. රාජපක්ෂ

 

-036

 


අදහස් (0)

‘චාල්ටන්’ අගමැති කුසලානය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.