Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘ඔවිල් අබේනායක’ කුසලාන දෙපිලටම

‘ඔවිල් අබේනායක’ කුසලාන දෙපිලටම

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඔවිල් අබේනායක’ අනුස්මරණ කුසලාන සඳහා පැවති 14 වැනි වාර්ෂික හොකී ගැටුම අද (8 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.

කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගය අද පස්වරු 4.30 ට ආරම්භවූ අතර එහි පළමු භාගය නිමා වන තුරුම ගෝල ලබාගැනීමට කණ්ඩායම් දෙකටම නොහැකිවිය. ලකුණු තත්ත්වය 0-0 ක් ලෙස තිබියදී තරගයේ දෙවැනි භාගය ආරම්භවූ අතර දෙපිලම එකිනෙකාට නොදෙවෙනි අන්දමින් ඉතා ආක‍්‍රමණශීලී ලෙස තරග වැදීම නිසා ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන් අතින් ගිලිහී ගියේය.

තරගයේ දෙවැනි භාගය අවසන් වන විටද දෙපිලම ගෝල ලබාගෙන නොසිටීම නිසා තරගය සඳහා විනාඩි 5 ක අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවෝ කටයුතු කළහ. අතිරේක කාලය අවසන් වන විටද දෙපිලම ගෝල නොළබා, ලකුණු තත්ත්වය 0-0 ලෙස රදවාගෙන සිටීම නිසා කුසලානය දෙපිලටම පිරිනැමිණ.

 


අදහස් (0)

‘ඔවිල් අබේනායක’ කුසලාන දෙපිලටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.