වෙළෙඳ සේවා දැල්පන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය. කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 60-56 ක් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරමින් සෙලාන් බැංකු ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.
තෙවැනි කාර්තුව අවසන් වන විටත් ලකුණු 55-54 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ සමත් වූහ. කෙසේ වුවත් සිව්වැනි කාර්තුවේදී ආක්‍රමණශීලි ක්‍රිඩා විලාසයක නිරත වූ සෙලාන් බැංකු ක්‍රීඩිකාවෝ නියමිත කාලය අවසන් වන විට ලකුණු 60-56 ක් ලෙස තරගයේ ජය තමන් සතුකරගැනීමට සමත් වූහ.
ලීග් ක්‍රමයට පැවැති තරගාවලියේ අවසන් වටයේ තරග වලදී කොමර්ෂල් බැංකු කණ්ඩායම ලකුණු 29-14 කින්ද, සී. ඩී. බී. බැංකු කණ්ඩායම ලකුණු 51-29 කින්ද පරාජය කිරීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.
කොමර්ෂල් බැංකු කණ්ඩායම ලකුණ් 62-13 ක් ලෙසද, සී. ඩී. බී. බැංකු කණ්ඩායම ලකුණු 42-14 ක් ලෙසද හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 52-48 ක් ලෙස කොමර්ෂල් බැංකු කණ්ඩායම පරාජය කළ සී. ඩී. බී. බැංකු කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකරගත්තේය.
තරගාවලියේ දැල් පන්දු රැජින ලෙස සෙලාන් බැංකු කණ්ඩායමේ වාසනා ලක්මාලි සම්මාන දිනාගත් අතර දක්ෂතම පන්දු විදින්නිය ලෙස සෙලාන් බැංකු කණ්ඩායමේ තර්ජිනි සිවලිංගම්ද, දක්ෂතම ආරක්ක්‍ෂ ක්‍රීඩිකාව ලෙස එම කණ්ඩායමේම එච්. ඩී. මන්දිරාද, දක්ෂතම පිටිය මැද ක්‍රීඩිකාව ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ එච්. ගයාංජලීද සම්මාන දිනාගත්හ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.