මාතලේ එඞ්වර්ඞ් කී‍්‍රඩා පිටියේදී මේ මස 11, 12 සහ 13 යන දිනවලදී පැවැත්වීමට නියමිත 13 න් පහළ හොකී සැණකෙළිය නිසා එම සැණකෙළියට සහභාගි වන පාසල් සිසු සිසුවියෝ දැඩි අපහසුතාවකට මුහුණ දී සිටිති.
දිවයිනේ සියලූම පාසල් වල වර්ෂ අවසාන පරීක්ෂණය මේ මස 17 වැනිදා ආරම්භ වීම හේතුවෙන් මෙම සිසු සිසුවියෝ එසේ අපහසුතාවට පත්ව සිටිති.
අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා සහ ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් එවූ ලිපියක් මගින් මෙම හොකී සැණකෙළිය පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දී ඇතත් ඇතැම් පාසල් කණ්ඩායම් මේ වන විටත් හොකී සැණකෙළියට සහභාගි නොවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.