Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී නිලවරණයට වාරණයක්

හොකී නිලවරණයට වාරණයක්

Dilrukshi - 2015 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ වාර්ෂික නිලවරණය පැවැත්වීම වළක්වාලමින්  අභියාචනාධිකරණය විසින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. අගෝස්තු 03 වැනිදා තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්විණ.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා නිලවරණයක් කැඳවීමට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව හොකී සංගම් කිහිපයක් ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සමේ කරුණූ සලකා බලමින් මෙම නියෝගය පැනවිණ.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

මෙලෙස නිලවරණයක් කැඳවීමට ක‍්‍රීඩා බලධාරීන්ට නොහැකි යැයි පවසමින් රාජ්‍ය සේවා හොකී සංගමය, කළුතර හොකී සංගමය, ගම්පහ හොකී සංගමය ඇතුළු මෙරට හොකී සංගම් කිහිපයක් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ක‍්‍රීඩා අමාත්‍යංශයේ හොකී ප‍්‍රධාන විධායක  නිලධාරි චමිලා නදී හේරත් ඇතුළු අට දෙනකු නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කාර හොකී සංගම් වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටියේය.

 

 


අදහස් (0)

හොකී නිලවරණයට වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.