පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) හොකී තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙක සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝ්රා ගැනීමේ තරග හෙට (11) ඇරැඹෙයි.
මෙම තේරීම් තරග මේ මස 13 වැනිදා දක්වා කොළඹ 07 කෘතිම හොකී පිටියේදී පැවැත්වේ.
දිවයින පුරා සිටින හොකී ක‍්‍රීඩාවට දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම තේරීම් තරග සඳහා සහභාගිවිය හැකි බව ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය දන්වා සිටී. තේරීම් තරගවලදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 18 දෙනා බැගින් පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට තෝරා ගැනීමට නියමිතය.
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියට කාන්තා තරගාවලිය ඇතුළත් වන්නේ පළමුවරටය.
පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන දොළෙස්වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලිය පෙබරවාරී මස 7 වැනිදා සිට 14 දක්වා පැවැත්වීමට නියමිතය.
අවසන්වරට ඩකා නුවරදී පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට හිමි වුයේ කණ්ඩායම් හතරෙන් අවසන් ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.