කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ මේ සතියේ පැවති පළමු කාණ්ඩයේ තරගය වලින් ජය ලබාගැනීමට හම්බන්තොට බ්ලූස්, හම්බන්තොට බ්ලැක්ස්, කොළඹ බුල්ස්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්වූහ.
ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය ලකුණු 70 - 43 ක් ලෙස පරාජය කළ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩකයෝ මේ සතිය තුළ කණ්ඩායමක් ලද දැවැන්තම ජයග‍්‍රහණයට හිමිකම් කීහ.
කොළඹ බුල්ස් කී‍්‍රඩා සමාජය සහ වත්තල පැසිපන්දු සමාජය අතර පැවති තරගය තරමක උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයේ පළමු අර්ධය නිමා වන විට 23 - 16 ක් ලෙස වත්තල පැසිපන්දු සමාජය සමත්විය. නියමිත කාලය අවසන් වන වට දෙපිලම ලකුණු 45 බැගින් ලබා සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගය සඳහා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරු කටයුතු කළහ.
අතිරේක කාලයේදී ලකුණු 9 ක් රැස්කළ කොළඹ බුල්ස් කී‍්‍රඩා සමාජය තරගය ජයගත් අතර වත්තල පැසිපන්දු සමාජයට එහිදී රැස්කරගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි.
එම තරගය හා සමාන තවත් තරගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පැවති අතර අවසානයේ ඉන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩකයෝ සමත්වූහ. තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිලම ලකුණු 20 බැගින් ලබා සම තත්ත්වයේ පසුවුණද, නියමිත කාලය අවසන් වන විට ශ්‍රී ලංකා පොලිසියට වඩා ලකුණු 2 ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තරගයේ ජය හිමිවිය.
සතිය තුළ පැවති තරග වලදී වැඩිම ලකුණු ලභින් අතර කී‍්‍රඩකයන් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජයේ මිතිල අබේසේකර ඉදිරියෙන් සිටින අතර ඔහු, ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක්ද, ඔටර්ස් කී‍්‍රඩා සමාජයට එරෙහිව ලකුණු 22 ක්ද රැස්කළේය.
තවද ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පීට්රයිට්ස් කී‍්‍රඩා සමාජය අතර පැවති තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ චරිත් පෙරේරා සහ ලක්ෂාන් සමරසිංහ පිළිවෙළින් ලකුණු 26 ක් සහ 20 ක් රැස්කරමින් දස්කම් දැක්වූහ.
ඔවුන්ට අමතරව ඔටර්ස් කී‍්‍රඩා සමාජයේ ඉසුරු පෙරේරාද හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජයට එරෙහිව ලකුණු 20 ක් රැස්කිරීමට සමත්විය.
මේ සතියේ තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.