හජ්ජි සැමරුම් පාපැදි සවාරිය මෙම 26 වැනිදා කුරුණෑගල පොල්අත්තාපිටියේදී ආරම්භ වේ. කිලෝමීටර 104 ක් දුරැති මෙම තරගය සඳහා වයඹ පලාතේ තරගකරුවන්ට සහභාගි විය හැකිය.
පොල්අත්තාපිටිය එකමුතු කරුණ කැළ ‘සාලින්ද දිසානායක සත්කාරක පදනමේ’ අනුග‍්‍රහයෙන් තරගය සංවිධානය කරයි. දේශිය වෛද්‍ය ඇමති සාලින්ද දිසානායක මහතාගේ උපදෙස් මත මෙම පාපැදි තරගය සංවිධානය කර තිබේ.
පොල්අත්තාපිටිය ඔරලෝසු කණුව, ගැට්ටුවාන, මල්ලවපිටිය, මාවතගම, පරගහදෙණිය, කවිසිගමුව, රිදීගම, තල්ගොඩපිටිය, ගොකරැුල්ල, මැල්සිරිපුර, මඩහපොළ, රඹේ, කුඹුක්ගැටේ, කුඹුක්වැව, ඉබ්බගමුව හරහා කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණ අසළින් තරගය අවසන් වේ.
ජයග‍්‍රාහි ක‍්‍රීඩකයන්ට මුදල් ත්‍යාග ප‍්‍රදානය කෙරේ. තරග අයඳුම්පත් පොල්අත්තාපිටිය ලක්දෙරණ කැබ් සර්විස් ආයතනය සහ පාපැදි අලූත්වැඩියා කිරිමේ ආයතනයෙන් ලබාගත හැකිය.
එම්. ආර්. එම්. අජ්මීර් මහතා ඇමතීමෙන් (දුරකථන අංක 0723483346) තරගය පිළිබඳ වැඩි තොරතුරු ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.