ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 79 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අද (29) අවසන්වේ. තරගාවලිය මාර්තු මස 5 සහ 6 දෙදින ගල්කිස්ස මහා හෝටලය අසළ මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතය.
මේ සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සහභාගිවෙතැයි සංගමය අපේක්ෂා කරයි. තරගාවලියේ කනිෂ්ඨ සහ කාන්තා තරග මාර්තු මස 5 වැනිදා ද, විවෘත තරගය මාර්තු මස 6 වැනිදා ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බාරේ, නො-33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට අයැදුම්පත් යොමු කළ හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.