Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සාග් බොක්සිං වළල්ලට ශී‍්‍ර ලංකාවෙන් 10 ක්

සාග් බොක්සිං වළල්ලට ශී‍්‍ර ලංකාවෙන් 10 ක්

ශනුක අරවින්ද - 2016 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බොක්සිං තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 7 දෙනෙකුගෙන් සහ කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

සඳරුවන් රණසිංහ (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) කිලෝ ග‍්‍රෑම් 49 බර පංතිය යටතේද, ඉෂාන් බණ්ඩාර (යුද හමුදාව) කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය යටතේද, රුවන් වීරක්කොඩි (යුද හමුදාව) කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය යටතේද, ගයාන් ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේද, දිනිදු සපරමාදු (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) කිලෝ ග‍්‍රෑම් 64 බර පංතිය යටතේද, සිසිර කුමාරසිංහ (නාවික හමුදාව) කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය යටතේද, දිවාරත්න මල්ලවාරච්චි (යුද හමුදාව) කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය යටතේද තරගාවලියට සහභාගි වෙති.

සාග් තරගාවලියකදී කාන්තා බොක්සිං තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර අනූෂා කොඩිතුවක්කු (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) කිලෝ ග‍්‍රෑම් 51 බර පංතිය යටතේද, විදුෂිකා ප‍්‍රබෝධි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේද, නිලන්ති ආරච්චිගේ (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය යටතේද ඊට සහභාගි වෙති.

තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සම්පත් ජයතිලක (යුද හමුදාව), හර්ෂ කුමාර සහ අමිල අරවින්ද (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) යන මහත්වරු කටයුතු කරන අතර ශ්‍රී ලංකා අධුනික බොක්සිං සංගමයේ ලේකම් මහේෂ් දහනායක මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ දින වල පන්නල ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජ බොක්සිං කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වන බවත්, තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් පෙබරවාරි මස 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් ශ්‍රී ලංකා අධුනික බොක්සිං සංගමයේ ලේකම් මහේෂ් දහනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

 

444444

ඡායාරූපය - හේමලතා රාජපක්ෂ


අදහස් (1)

සාග් බොක්සිං වළල්ලට ශී‍්‍ර ලංකාවෙන් 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.