Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සහය පිහිනුම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්

සහය පිහිනුම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පිහිනුම් තරගාවලියේදී මීටර 100X4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (6) සමත්වුහ. මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව දිනාගත් තෙවැනි රන් පදක්කම මෙයයි.

චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, ෂෙහාන් ද සිල්වා සහ මැතිව් අබේසිංහ රන් පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා සහය පිහිනුම් කණ්ඩායමට ඇතුළත් වුහ. ශ‍්‍රී ලංකා කණ්ඩායම සහය ඉසව්ව ජය ගැනීම සදහා විනාඩි 3 තත්පර 30. 11 ක කාලයක් වාර්තා කළේය. ඉන්දියාව (වි.3 තත්.30. 78) මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර බංග්ලාදේශයට (වි.3 තත්.39.72) ලෝකඩ පදක්කම හිමිවිය.

ශ‍්‍රී ලංකාව එම ඉසව්වේ කාන්තා රිදී පදක්කම දිනාගත් අතර කිමිකෝ රහීම්, මචිකෝ රහීම්, ඉෂානි සේනානායක සහ සන්දු සාවින්දි රිදී පදක්කම් ලාභී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. ඉන්දියාව රන් පදක්කම ද, පාකිස්තානය ලෝකඩ පදක්කම ද හිමිකර ගත්තේය.

මීටර 200 ළය ආර පිරිමි ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවේ කිරාන් ජාසිංහ රිදී පදක්කම දිනා ගත් අතර ඉන්දියාව සහ බංග්ලාදේශය පිළිවෙලින් එහි රන් සහ ලෝකඩ පදක්කම් ලැබීය.

 

- 090


අදහස් (0)

සහය පිහිනුම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.