ස්පාඤ්ඤයේ පැවති 9 වැනි විවෘත ස්පාඤ්ඤ කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත්වූහ.
අවසන් තරගයේදී රුසියානු කී‍්‍රඩකයන් වන ඇලෙක්සැන්ඩර් කොසිරෙව් සහ රොඩියන් ඇලිමොව් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ඔහුවු එම ශූරතාවට හිමිකම් කීහ. එම තරගයේ ලකුණු සටහන්වූයේ 21/13 ක් සහ 21/15 ක් ලෙසය.
අවසන් පූර්ව වටයේ තරග වලදී රුසියාවේ සර්ජි මොලඩොව් සහ ලෑඩිස්ලව් සොලොඩිව් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඇලෙක්සැන්ඩර් කොසිරෙව් සහ රොඩියන් ඇලිමොව් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-0 ක් ලෙස රුසියාවේම මාර්ක් ලැපෝර්ට් සහ විනිසන් මෙදීනා පරාජය කරමිනි.
මෙම තරගාවලියේ මූලික තරග වලදී සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක, තවත් රුසියානු කණ්ඩායම් 2 කට සහ ස්පාඤ්ඤ කණ්ඩායමකට එරෙහිව ජය ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.