Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිංගප්පූරු පාපැදි ශූරතාවලියට 4 ක් යති

සිංගප්පූරු පාපැදි ශූරතාවලියට 4 ක් යති

Dilrukshi - 2015 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 29 -30 දෙදින පැවැත්වෙන  ඕ.සී.බී.සී. සිංගප්පුරු විවෘත පාපැදි ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සැරසේ.

එම තරගාවලිය සඳහා ක‍්‍රීඩකයන් සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට අපේක්ෂිත බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක සේනක රණසිංහ මහතා පවසයි.

ඒ සඳහා මේ වනවිට ක‍්‍රීඩකයන් පස් දෙනකු නිර්දේශ වී සිටින බවද වාර්තාවේ. ගුවන් හමුදා ක‍්‍රීඩකයන් වන ජීවන් ජයසිංහ,

ශන්දු දීමන්ත, නවීන් රුචිර, කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඞ්ස් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩක චාමික සඳුන් කුමාර හා යුද හමුදා ක‍්‍රීඩක ගිහාන් පුෂ්පකුමාර ඔවුහු වෙති.

සිංගප්පුරු  ඕ.සී.බී.සී පාපැදි ශූරතාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වේ. නැගෙනහිර දකුණු ආසියානු කලාපීය වේග තරගාවලිය හා ක‍්‍රීඩා සමාජ වේග ශූරතාවලිය එම කාණ්ඩ දෙකයි. එහිදී මුළු තරගමාලාව සඳහා විනෝදයට පදින්නන්ද ඇතුළුව ධාවකයන් 9000ක් සහභාගි කරගැනීමට තරග සංවිධායකයෝ අපේක්ෂා කරති.

තරගමාලාවේ ශූරයන්ට හා හොඳම කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් 12,000 සිට (රුපියල් 16 ලක්ෂයකට වැඩි) මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ.

පාපැදි සම්මේලනයේ නව පාලනය මෙරට පාපැදි තරගකරුවන්ට වඩාත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් මෙවැනි ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය තවත් පුළුල් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව සේනක රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

සිංගප්පූරු පාපැදි ශූරතාවලියට 4 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.