ආසියානු වැසියන්ගේ ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල වන දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැති XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල සුපුරුදු පරිදි ආසියාවේ ප‍්‍රබලතම රාජ්‍යයක් වන චීනය ශූරතාව දිනා ගනිමින් ඊයේ (04) රාත‍්‍රී අවසන් විය.
ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ ඊයේ (04) පස්වරුවේ සියලූම තරග අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ 27 වැනි ස්ථානය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකාව විස්සයි20 ක‍්‍රිකට් පිරිමි රන් පදක්කම සහ කාන්තා ලෝකඩ පදක්කම් දිනා ගත්තේය.
ශූරයන් බවට පත්වූ චීනය රන් පදක්කම් 151 ක් සමගින් පදක්කම් 342 ක් දිනා ගැනීමට සමත් විය. සත්කාරක දකුණු කොරියාව රන් පදක්කම් 79 ක් සමගින් මුඵ පදක්කම් 234 ක් ලබා දෙවැනි ස්ථානය ද, ජපානය රන් පදක්කම් 47 ක් සමගින් මුඵ පදක්කම් 200 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, හිමිකර ගත්තේය.
මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 45 න් රටවල් 37 ක් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
මෙවර ක‍්‍රීඩා උළෙලේදී ලෝක වාර්තා 14 ක්, ආසියානු වාර්තා 48 ක් සහ ආසියානු ක‍්‍රීඩා වාර්තා 80 ක් බිහිවීම කැපී පෙනුණු සිද්ධියක් බවට පත්විය. එහි ලෝක වාර්තා 14 ට බර ඉසිලීමේ වාර්තා 9 ක්, වෙඩි තැබීමේ වාර්තා 4 ක් සහ දුන්නෙන් විදීමේ වාර්තාක් ඇතුළත් වේ.
ක‍්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ජපානයේ 20 හැවිරිදි පිහිනුම් ක‍්‍රීඩක කොසුකි හගින් තේරීපත්විය. ඔහු මෙම ක‍්‍රීඩා උළෙලේ ඉසව් හතට සහභාගි වී ආසියානු වාර්තාවක් සහ ආසියානු ක‍්‍රීඩා වාර්තා දෙකක් සමගින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගත්තේය.
එහිදී කොසුකි මිටර 200 මිශ‍්‍ර ආර ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් ද, මීටර 400 මිශ‍්‍ර ආර ඉසව්වෙන් සහ මීටර 200X4 නිදහස් ආර සහය ඉසව්වෙන් නව ආසියානු වාර්තා පිහිටුවීය.
ආසියානු ක‍්‍රීඩා උළෙලේ 1998 වසරේ සිට දක්‍ෂතම ක‍්‍රීඩක සම්මාන ප‍්‍රදානය කිරීම ආරම්භ කිරීමෙන් පසු ක‍්‍රීඩා උළෙල පහෙන් තුනකදීම ජපන් ක‍්‍රීඩකයන් එම සම්මානය හිමිකර ගැනීම කැපී පෙනේ.
ක‍්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක‍්‍රීඩකයා බවට පත්වූ කොසුකි හගින් පෙරේදා (04) පස්වරුවේ ඉංචියොන් නුවර ප‍්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ චීන සහ දකුණු කොරියානු ප‍්‍රබල ක‍්‍රීඩකයන් දෙදෙනා ඉක්මවා යමින් තමන් දැක්වූ දස්කම් පිළිබදව ආඩම්බර වන බවයි.
”මට අවශ්‍යයි තව වසර දෙකකින් පැවැත්වෙන රියො ඔලිම්පික් සහ වසර හයකින් පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් යන ක‍්‍රීඩා උළෙල වලදී දස්කම් දැක්වීමටයි” යැයි වැඩි දුරටත් පැවසීය.
ඉංචියොන් ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේ පෙරේදා රාත‍්‍රී පැවැති චාම් සමාප්ති උළෙල සමගින් දින 16 ක් පැවැති ක‍්‍රීඩා උළෙල අවසන් විය. මෙම ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 80 ක් සහභාගි වූවද පෙරේදා වන විට බොහෝ කණ්ඩායම් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටීම හේතුවෙන් සමාප්ති උළෙලේ ක‍්‍රීඩක පෙළපාළියට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කීප දෙනකු පමණක් සහභාගි වූහ.
සමාප්ති උළෙලේදී දකුණු කොරියානු සංස්කෘතික අංග රැසක් මෙන්ම පාසල් සිසුන් ඉදිරිපත් කළ සටන් කළා සංදර්ශන වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමු වූහ.
මෙවර ක‍්‍රීඩා උළෙලට රටවල් 45 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 12,000 කට අධික පිරිසක් ක‍්‍රීඩා 36 කින් ඉසව් 439 කට සහභාගි වූහ. ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු සදහා 20000 කට අධික සේවක සංඛ්‍යාවක් යොදවූ බව ආසියානු ඔලිම්පික් කමිටුව වාර්තා කර තිබුණි.
මීළග XVIII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල 2018 වසරේ ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.