Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල හෙට ගමන අරඹයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල හෙට ගමන අරඹයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 12 වැනි වන හෙට (30) ශ‍්‍රී ලංකාව රන් පදක්කම බලාපොරොත්තුවෙන් සිටින ශ‍්‍රී ලංකා පිරිමි විස්සයි20 ක‍්‍රිකට් පිල ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල සහභාගි වන අර්ධ අවසන් පූර්ව තරගය හෙට (30) පස්වරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතය. චීනය සහ කොරියාව අතර අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ජය ලබන කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි.

මෙම තරගාවලියට ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අෆ්ගනිස්තානය යන ප‍්‍රබල කණ්ඩායම් සහභාගි වී සිටින අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වී සිටියි. ශ‍්‍රී ලංකා පිලට ටෙස්ට් ක‍්‍රීඩකයන් පහක් ඇතුඵ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයන් 10 ක් ඇතුළත්ව සිටිති.  

ඉංචියොන් නුවරට ඊයේ (28) රාත‍්‍රී සිට වර්ෂාව ඇද හැළීම නිසා ඊයේ පෙරවරුවේ ක‍්‍රිකට් තරගය ද පැවැත්වීමට නොහැකි වීමෙන් මාලදිවයින සහ කුවේට් තරගයේ කාසියේ වාසියෙන් කුවේට් පිල අර්ධ අවසන් පූර්ව තරගයට පැමිණියේය.

ඇෆ්ගනිස්තාය සහ නේපාලය, බංග්ලාදේශය සහ කුවේට්, හොං කොං සහ මැලේසියාව යන කණ්ඩායම් අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා තිබේ.

සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා රග්බි පිල හෙට (30) පස්වරු 2.18 ට (පෙරවරු 10.48) චීන තායිපේ පිලට එරෙහිව ද, පස්වරු 17.58 ට (පස්වරු 2.28) ලෙබනන් පිලට එරෙහිව ද, තරග කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා රග්බි පිල ක‍්‍රීඩා කරන ‘සී’ කාණ්ඩයේ චීන තායිපේ, ලෙබනන් සහ දකුණු කොරියාව ඇතුළත්ව තිබේ.

මීටර 400 ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත්වූ ශ‍්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරි චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක හෙට රාත‍්‍රී 7.10 ට (පස්වරු 3.40) මීටර 200 කාන්තා ඉසව්වේ මූලික තරගයට සහභාගිවීමට සූදානමින් සිටින්නීය.

ශ‍්‍රී ලංකා මීටර 800 ක‍්‍රීඩිකා ගයන්තිකා අබේරත්න හෙට රාත‍්‍රී 8.40 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.50 ට එම ඉසව්වේ මූලික තරගයට සහභාගි වන්නීය.

දුර පැනීමේ ක‍්‍රීඩක ජනක ප‍්‍රසාද් විමලසිරි හෙට පස්වරු 7.35 ට (පස්වරු 3.55) තරගයට සහභාගි වීමට නියමිතය.

ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම:
ළහිරු තිරිමාන්න (නායක), උපුල් තරංග (උප නායක), කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ෂෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, අලංකාර අසංක, කෝසල කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, චතුරංග කුමාර, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල

පුහුණුකරු: රොමේෂ් කඵවිතාරණ මහතා

ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම:
ෆාෂීල් මරීජා (නායක), රිචඞ් ධර්මපාල, ෂෙනාල් ඩයස්, සුදර්ශන හපුතන්ත‍්‍රි, යෝෂිත රාජපක්‍ෂ, ෂෙහාන් පතිරණ, ලවංග පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, අනුරුද්ධ විල්වර, සදුන් හේරත්, මිතුන් හපුගොඩ, ධනුෂ්ක රංජන්


අදහස් (2)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල හෙට ගමන අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.