ආසියානු බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති 11 වැනි නැගෙනහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඉන්දුනීසියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව, හොං කොං, තායිලන්තය, සිංගප්පූරුව යන රටවල් වල සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පිලිපීනය සමත් වූ අතර අනුශූරතාව ඉන්දුනීසියාවට හිමිවිය.
කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහිදී ආසියානු බේස්බෝල් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර නැගෙනහිර ආසියානු තරගාවලියේ ශූරතාව දිනාගත් පිලිපීනය පමණක් ඊට සුදුසුකම් ලබාගත්තේය.
ආසියානු බේස්බෝල් තරගාවලියේදී තරග වැදීම සඳහා බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියෙන්ද එක් කණ්ඩායමක් තෝරාගැනුණ අතර එම අවස්ථාව හිමිකරගැනීමට පාකිස්තානය සමත් විය.
ඒ අනුව සුදුසුකම් ලබාගත් පිලිපීනය සහ පාකිස්තානය, දැනටමත් ආසියානු බේස්බෝල් තරගාවලියේ ප‍්‍රධාන කාණ්ඩයේ සිටින රටවල් වන ජපානය, චීන තායිපේ, දකුණු කොරියාව සහ චීනය සමගින් තරග වැදීමට නියමිතය.
ආසියානු බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවත් නැගෙනහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩක සම්මාන දිනාගත් කී‍්‍රඩකයන් ගොන්නට ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් 5 දෙනෙකු ඇතුළත් වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
දක්ෂතම කී‍්‍රඩක සම්මාන දිනාගත් කී‍්‍රඩකයෝ -
වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයා - අකලංක රණසිංහ
දක්ෂතම ‘ෂෝට් ස්ටොප්’ කී‍්‍රඩකයා - ඉරේෂ් කෝසල
දක්ෂතම ‘සෙන්ටර් අවුට්’ කී‍්‍රඩකයා - චාමර පීරිස්
දක්ෂතම ‘රයිට් අවුට්’ කී‍්‍රඩකයා - සමීර රත්නායක
දක්ෂතම දකුණත් පන්දු පිරිනමන්නා - තරිඳු මධුමාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.