ඇසෑම් දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී (සාග්) ශ්රී ලංකාවට පළමු පදක්කම දිනා දීමට බර ඉසිලීමේ ක්රීඩිකා දිනුෂා හංසනී ගෝමස් අද සමත්වුවාය. බර ඉසිලීමේ කාන්තා තරගාවලියේදී කිලෝග්රෑම් 48 බර පංතියෙන් රිදී පදක්කම දිනා ගනිමින් දිනුෂා මෙම දස්කම දැක්වුවාය.
දිනුෂා මෙම පදක්කම දිනා ගැනීමේදී ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 79 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්රමයට කිලෝග්රෑම් 80 ක් සහ එකතුව කිලෝග්රෑම් 145 ක් ඔසවීමට සමත්වුවාය. මෙම බර පංතියේ රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ සකූම් මිර්බායි කිලෝග්රෑම් 169 ක බරක් එසවුවාය. බංග්ලාදේශයේ මොල්ලා සබීරා කිලෝග්රෑම් 143 ක් ඔසවමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
සාග් ක්රීඩා උළෙලක බර ඉසිලීමේ කාන්තා තරගාවලිය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.