දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ආධුනික පිරිමි යුගළ ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා ආධුනික පිරිමි යුගළ කණ්ඩායම සමත් විය.
පළමු වටයේ තරග වලදී තරග වට 3/1 ක් ලෙස ඉරානය පරාජය කළ ශී‍්‍ර ලංකා ආධුනික යුගළ කණ්ඩායම ඉතා තියුණු තරගයකින් අනතරුව ජපානය හමුවේ තරග වට 3/2 ක් ලෙස පරාජය විය.
තමන් තරග කළ කාණ්ඩයේ දෙවැනියා වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශී‍්‍ර ලංකා ආධුනික යුගළ කණ්ඩායම, අර්ධ අවසන් පූර්ව වටයේදී චීනයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.
කනිෂ්ඨ බාලක යුගල තරග
තායිලන්ත පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/0)
කොරියා පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/0)
කනිෂ්ඨ බාලිකා යුගල තරග
සිංගප්පූරු පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/0)
හොං කොං පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/0)
ආධුනික පිරිමි යුගල තරග
ශී‍්‍ර ලංකා පිල විසින් ඉරාන පිල පරාජය කරන ලදී. (3/1)
ජපාන පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/2)
ආධුනික කාන්තා යුගල තරග
ඉන්දියා පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/0)
ජපාන පිල විසින් ශී‍්‍ර ලංකා පිල පරාජය කරන ලදී. (3/0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.