Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවේ පළමු වැනි ෆිඬේ උපදේශකවරිය සුනීතා

ශ්‍රී ලංකාවේ පළමු වැනි ෆිඬේ උපදේශකවරිය සුනීතා

editorial - 2023 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික චෙස් සම්මේලනය විසින් සුනීතා විජේසූරියට ‘ෆිඬේ’ උපදේශක තනතුර පිරිනමා තිබේ. ශ්‍රී ලංකාවේ චෙස් පුහුණුකරුවන් බෙහෝ දෙනෙක් සිටි නමුත් ‘ෆිඬේ’ උපදේශක තනතුර ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව ඇයයි.

මීට දශක කිහිපයකට පෙර 10 වතාවක් ශ්‍රී ලංකා කාන්තා ජාතික චෙස් ශූරතාව දිනා සිටින සුනීතා 1992 මැනිලා නුවර පැවති ලෝක චෙස් ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගත්තාය. පසුව ඇය චෙස් ප්‍රවර්ධකවරියක් වූ අතර ප්‍රමුඛ පෙළේ චෙස් ක්‍රීඩිකාවන් බොහොමයක් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී සුනීතා විසින් පවත්වාගෙන යනු ලබන ‘ඇනටෝලි කර්පොව්’ චෙස් ක්‍රීඩා සමාජයේදී චෙස් ක්‍රීඩාව ආරම්භ කළ අය වෙති. 

ශ්‍රී ලාංකිකයන් වන රජින්ද්‍ර කළුගම්පිටිය සහ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන සුනිල් වීරමන්ත්‍රි දෙදෙනාත් චෙස් පුහුණුකරුවන් අතර ‘ෆිඬේ’ උපදේශක තනතුර හිමි අය වෙති. 

-213


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පළමු වැනි ෆිඬේ උපදේශකවරිය සුනීතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.