Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැති සිවුවැනි ආසියානු කනිෂ්ඨ කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ලෝකඩ පදක්කම් දිනා ගත්තේය.


ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරාකය, තජිකිස්තානය යන රටවල් සහභාගි වු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අවසන් පූර්ව වටයේ්දී ඉන්දියාව සහ ඉරානය හමුවේ පරාජය විය.


කෙසේවුවත් සෙසු රටවල් සියල්ලම පරාජය කරමින් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානය ස`දහා පැවැති තරගයේදී ඉරාකය පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තේය.


කාන්තා තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් පාකිස්තානය පරදවා ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.


පසුගිය ඉරිදා (17) පැවැති තරගාවලියේ අවසන් මහ තරග වලදී පිරිමි රන් පදක්කම ඉරානය විසින්ද, කාන්තා රන් පදක්කම ඉන්දියාව විසින්ද දිනා ගන්නා ලදහ. පිරිමි රිදී පදක්කම ඉන්දියාවට හිමි වු අතර කාන්තා රිදී පදක්කම හිමි කර ගත්තේ ඉරානයයි.


විරෝධතාවක් හේතුවෙන් තරගාවලියට සහභාගිවීමේ අවිනිශ්චිත තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කනිෂ්ඨ කබඩි කණ්ඩායම් දෙක ක‍්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් දින තුනක් වැනි කෙටි කාලයකින් තරගාවලියට සුදානම් කිරීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ලක්සිරි බණ්ඩාර මහතා ‘ලංකාදීපයට’ පැවසීය.

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.