කොං කොංහිදී පැවැත්වෙන ආසියානු හොකී සම්මේලනය කුසලාන (පිරිමි) හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. අවසන් පූර්ව තරගය සත්කාරක හොං කොං පිලට එරෙහිව කිංස්පාක් කෘත්‍රිම හොකී පිටියේදී හෙට (26) පැවැත්වේ.
නිලන්ත ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හොකී පිල පළමු වටයේදී ‘බී’ කාණ්ඩයේ ශූරයන් වෙමින් අවසන් පූර්ව වටයට පැමිණියේය. සිංගප්පූරුව එම කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්විය.
අපරාජිත බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් වූ අතර සත්කාරක හොං කොං පිල ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්ව සිටී.
පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සඳරුවන් ප්‍රියලංක සහ ශාමික ගුණවර්ධන ගෝල තුන බැගින්ද, ළහිරු වීරසූරිය ගෝල දෙකක්ද, රැස් කිරීමට සමත් වූහ. මධුවන්ත විජේසිංහ, අනුරාධ සුරේෂ්, ඉෂංක ජයසුන්දර සහ තරංග ගුණවර්ධන පළමු වටයේදී ගෝලය බැගින් වාර්තා කළහ.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කටයුතු කරයි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.