සිංගප්පූරුවේදී නිමාවට පත්වූ ‘නේෂන්’ කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව අපේක්ෂිත දස්කම් පෙන්වීමට අපොහොසත් විය. මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය ලද අතර තෙවැනි ස්ථානය තේරීම් තරගයේදී ඔවුන් ලකුණු 60-48 ක ජරාජයක් ලැබීය.
මෙම තරගයේදී පැපුවා නිව්ගිනියා කී‍්‍රඩිකාවන්ට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් ප‍්‍රබල සටනක් දුන්නද සිව්වැනි වටයේදී ලකුණු 20 ක්ම රැුස් කිරීම තුළ ශ්‍රී ලංකාවට පරාජය හිමිවිය. 13-14, 16-12, 11-13 සහ 20-09 ත් පරිදි තරගයේ වට දෙකක් ඉදිරියෙන් සිටීමටද ශ්‍රී ලංකාව සමත් විය.
මෙම තරගමාලාව අවසන් මහ තරගයේදී සිංගප්පූරුව පරාජයට පත්කරමින් උගන්ඩාව විසින් ජයගත් අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ගයනි දිසානායක සම්මාන ලැබුවාය. තරගාවලිය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී සොමිතා අල්විස් මහත්මිය පැවසුවේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූ බවය. සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ පෙරළා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.