
ඉන්දියාවේ කටක් නුවර ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහි යුගල ඉසව්වල දෙවැනි වටයෙන් ඉදිරියට යෑමට නොහැකි වූහ.
එහිදී කාන්තා යුගල ඉසව්වට සහභාගි වූ ඉෂාරා මධුරංගි සහ ජිතාරා වර්ණකුලසූරිය එහි පළමු වටයේදී බංග්ලාදේශයේ රහීම් අක්තර් සහ සාදියා රෙහෙමාන් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. කෙසේ වුවත් දෙවැනි වටයේදී ඉන්දියාවේ සුතිර්තා මුක්කර්ජී සහ අයිහිකා මුක්කර්ජී හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ.
මිශ්‍ර යුගල ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා යුගලයන් හතරෙන් දෙකක් එහි දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. එහිදී හමුවේ මිලින්ද ලක්ෂිත සහ ජිතාරා වර්ණකුලසූරිය මැලේසියාවේ ජාවෙන් චෝන්ග් සහ ඇලිස් ලි සීයෑන් හමුවේ නිතරග ජයක් ලබමින්ද, රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි මැලේසියාවේ වොන්ග් කුයි ෂෙන් සහ ලී ෂින් නී පරාජය කරමින්ද දෙවැනි වටයට පිවිසියහ.
දෙවැනි වටයේදී සයිප්‍රසයේ මේරියස් යියෑන්ගොව් සහ ලොයිසා කෞරියා හමුවේ පරාජයට පත්වීම නිසා මිලින්ද ලක්ෂිත සහ ජිතාරා වර්ණකුලසූරියද, ඉන්දියාවේ විකාෂ් මානව් සහ සුතිර්තා මුක්කර්ජී හමුවේ පරාජයට පත්වීම නිසා රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගිද තරගාවලියෙන් ඉවතට විසිවූහ.
පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් සඳහා සහභාගි වූ සෙසු සියලුම ශ්‍රී ලංකා යුගලයන් පළමු වටයේදීම පරාජයන් ලැබූහ.
තරග ප්‍රතිඵල
පිරිමි යුගල පළමු වටය
■ මේරියස් යියෑන්ගොව් සහ යියැන්ගුස් යියෑන්ගොව් (සයිප්‍රසය) විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/2, 11/2, 11/5)
■ කැලම් එවන්ස් සහ ජොෂුවා ස්ටාසි (වේල්සය) විසින් වට 3-1 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න සහ නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (2/11, 11/7, 11/6, 11/8)
කාන්තා යුගල පළමු වටය
■ ඉෂාරා මධුරංගි සහ ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස රහීම් අක්තර් සහ සාදියා රෙහෙමාන් (බංග්ලාදේශය) පරාජය කරන ලදි. (11/2, 11/7, 9/11, 16/14)
■ ගොයි රුයි ක්ෂුවාන් සහ වොන්ග් සින් රූ (සිංගප්පූරුව) විසින් වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර සහ චමත්සරා ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/6, 11/5)
කාන්තා යුගල දෙවැනි වටය
■ සුතිර්තා මුක්කර්ජී සහ අයිහිකා මුක්කර්ජී (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි සහ ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/3, 11/8, 11/6)
මිශ්‍ර යුගල පළමු වටය
■ ජාවෙන් චෝන්ග් සහ ඇලිස් ලි සීයෑන් (මැලේසියාව) හමුවේ මිලින්ද ලක්ෂිතට සහ ජිතාරා වර්ණකුලසූරියට (ශ්‍රී ලංකාව) නිතරග ජයක්.
■ රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස වොන්ග් කුයි ෂෙන් සහ ලී ෂින් නී (මැලේසියාව) පරාජය කරන ලදි. (11/9, 12/10, 11/9)
■ කුන් ටින් බේ සහ ලිලින් ජෙසි ටෑන් (සිංගප්පූරුව) විසින් වට 3-2 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න සහ බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/7, 11/9, 7/11, 10/12, 11/7)
■ අෂ්රෆ් මොහොමඞ්+ සහ හින්ග් හෝ (මැලේසියාව) විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ සහ චමත්සරා ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/5, 11/4)
මිශ්‍ර යුගල දෙවැනි වටය
■ මේරියස් යියෑන්ගොව් සහ ලොයිසා කෞරියා (සයිප්‍රසය) විසින් වට 3-0 ක් ලෙස මිලින්ද ලක්ෂිත සහ ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/2, 11/2, 11/9)
■ විකාෂ් මානව් සහ සුතිර්තා මුක්කර්ජී (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/2, 11/5, 13/11)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.